SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය වසර දෙක තුළ ජනතාව විඳින දුක තුට්ටුවකට හෝ මායිම් නොකිරීමේ ප්‍රතිපලය අද වන විට

ජනාධිපතිවරයා භුක්ති විඳිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේ අද (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු  පැවසුවේ වෙනත් මැතිවරණ වලදී තම පක්ෂය පරාජයට පත් වන ආසන මෙවර තමන්ට ඉතා වාසිදායක තත්වයේ පවතින බවයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ජහග්‍රහණය ඒ ආකාරයෙන් තහවුරු වී තිබුණද, ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් පෝලිම් අවසන් කළ බවට බොරු කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ජන මනසින් ප්‍රතික්ෂේප වී ඇත. ජනතාව මෙම පීඩාකාරී වාතාවරණයට ඇද දැමුවේ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම බව ජන මනස් හි කිඳා බැස ඇති සත්‍යයකි. එමෙන්ම ජවිපෙට මේ තත්වය විසඳාලීමට කිසිදු වැඩ පිළිවෙලක් නොමැති බවද ජනතාව හොඳින් වටහාගෙන ඇත. එබැවින් මේ වන විට ජනතා විශ්වාසය පවතින්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දිනවීමේ ජනතා අධිෂ්ඨානයක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.