SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවත නාමල් රාජපක්ෂ දිනවීමට අද (13) පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් දිනවීමට එකතුවීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද  (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට ද  සහභාගි වන බව ආරංචිමාර්ග කියයි.

බලය උදෙසා මෙවැනි කරණම් ගැසීම් බොහොමයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත්, බොහෝ ජනතා නියෝජිතයින් රැල්ලට හසු වී පිල් මාරු කරන බවත්, එහෙත් සැබෑ ජනතා රැල්ල විය හැක්කේ තවමත් තම ඡන්දය පිළිබඳව නිශ්ක්‍රීයව තීරණයක් නොගෙන සිටින බහුතරය බවත් දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

එසේම දැනට තේරී පත්ව සිටින ජනතා නියෝජිතයින්ගේ කරණම් ගැසීම හෝ පිල් මාරු කිරීම මෙවර ජනවරමට  බල නොපාන්නක් බවත් ඔවුන්ගේ අදහස වී ඇත.