SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට

බංග්ලාදේශයේ හටගත් ජන විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අගමැතිනී ශෙයික් හසීනා පවසයි.

 

බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය අමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධුරයේ රැදී සිටීමට හැකියාව තිබූ බව විශේෂ හෙළිදරව්වක් කරමින්  ඇය කියා සිටියාය.

 st.mar 3

 

ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සාකච්ඡාවක් දෙමින් මේ බව ඇය ප්‍රකාශ කර ඇත.

 

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු ඇය පළමුවරට නිකුත් කළ නිවේදනයෙන් කියැවෙන්නේ  බෙංගාල බොක්කේ බංල්ගාදේශය සතුව ඇති ශාන්ත මාර්ටින් දූපත ලබාගැනීමට අමෙරිකාවට අවශ්‍යව තිබූ බව ය.

 

ශාන්ත මාටින් දූපත බෙංගාල බොක්කේ ඊසාන දිග කොටසෙහි වර්ග කි.මී.03ක් පමණ වන කුඩා දූපතකි.

 

කෙසේවෙතත් රට තුළ උද්ගතවූ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනයවීම වළක්වා ගැනීමට තම ඉල්ලා අස්වීම හේතුවූ බව පෙන්වා දී ඇති බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලීමක් ශෙයික් හසීනා ඉල්ලා ඇත්තේ  රැඩිකල්වාදීන්ට හසු නොවන ලෙස ය.

 

st martin 2

ශාන්ත මාර්ටින් දූපත

 

ලංකාවේ අත්‍යවශ්‍ය පරිභෝජන අවශ්‍යතා හිග වීම හේතුවෙන් සහ  රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නිසා  ඇරඹි ගෝල්ෆේස් අරගලය පසුපස තිබූ බළල් අත පිළිබඳවත්, ඉන් විදෙස් උවමනාව වූ පැවති බල හුවමාරුව කුමක්ද යන්න පිළිබඳවත් පසුකාලීනව විවිධ මත පළ වුවද, ලංකාවේ නායකයින්ට සෘජුව ඒ පිළිබඳව අදහස් දැක්වීමට හසීනාට තරම් හැකියාවක් නොමැති වූ බවයි විචාරක මතය වන්නේ.