SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ  (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.

 

පුනරුදයට රටම එකට යන මැයෙන් ජාතික ජනබලවේගයේ ජන රැලියක් අද පස්වරුවේ මෙලෙස ඇඹිලිපිටියේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙනි.

 

 

“අපට තියෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි. නායකයෙක් වෙනුවට නායකයෙක් ගේන එක නොවෙයි. තමන්ගෙ ජීවිතය තමන්ට එපා වෙලා තියෙන්නේ. තමන්ගෙ ජීවිතය අහිමි වෙලා යනකම් බලාගෙන ඉන්න ජීවිතවලට පණ දෙන, හිනාව දෙන, සමාජයක් ගොඩනැගීම තමයි අපේ සැලසුම තිබෙන්නේ. මේ ජීවිතේ මීට වඩා හොඳ ජීවිතයක් බවට පත්කරන ආණ්ඩුවක්. දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැතිව දෙමාපියන් හූල්ලනවා. අපි හදන්නේ දරුවන්ට අලුත් අනාගතයක් නිර්මාණය කරන ආණ්ඩුවක්. කඩා වට්ටපු කෘෂිකර්මාන්තය වෙනුවට දියුණු කෘෂිකර්මාන්තයක් දක්වා පරිවර්තනය කරන ආණ්ඩුවක් අපි හදනවා. ඒ කියන්නේ අපේ රට වෙනස් කරන, රට පොහොසත් කරන, ලස්සන ජීවිතයක් උරුම කර දෙන ආණ්ඩුවක්. මේක මේ වෙලාවේ කරන්නම ඕනෑ.

 

ජාතික ජන බලවේගය යනු ජනතාවට අලුත් ජීවිතයක් අරගෙන දෙන ආණ්ඩුවක්. අපේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අපට බලය ඕනෑ. මෙතන පොහොට්ටුවට, අලියට කතිරෙ ගහපු අය ඉන්නවා. ඒ අතීතය, පැත්තකින් තියන්න. මේ ඉන්නේ ජාතික ජන බලවේගය දිනවීම සඳහා එකතු වුණු බලකායක්. අපි ඔක්කෝම එකට පොර බදමු. අපේ මේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලබාගත හැකි වෙන්නේ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා වැඩිම ඡන්ද ප්‍රමාණයකින් පිරෙව්වොත් විතරයි. අපි මේ වැඩේ සාර්ථකව කරමු. සැප්තැම්බර් 22 දා වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු; මහන්සි වෙමු”.