SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සහාය දීමට ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ පිරිසක්

දැනටමත් කළකිරීමෙන් බව ගොසිප් අඩවි විසින් ඊයේ වාර්තා කර තිබුණි.

එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලට අදාළ වැඩවලට ඔවුන්ව  සහභාගී නොකරගැනීම මත බවයි. එනම්  එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කටයුතු සිදුවීම නිසා බවය.  

එකී මාධ්‍ය වාර්තා දැනුවත්ව හෝ නොදැනුවත්ව යටපත් කර තිබුණේ ඔවුන්ට  හෙළිනොවුනු  කලකිරීමට පත්වීමට  යට ඇති හේතුව ය.

ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා ‌නොවීම තුළ මහින්ද රාජපක්ෂ දේශපාලන මතවාදය නාමල් රාජපක්ෂ හරහා යළි කරලියට පැමිණීම ඊට හේතුවී ඇති අතර, මහා මැතිවරණය පිළිබඳව සඳහන් කර තමා සමග මෙතෙක් සිට ඉවත්වූ පක්ෂ නායකයින්ට හිටපු ජනාධිපතිවරයා වෙන වෙනම කතා කර ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග වලින් කියැවේ.

ඒ අනුව වෙන්ව ගිය මන්ත්‍රීවරුන් මෙන්ම සමහර ඇමතිවරුනුත් විජේරාම මහින්ද රාජපක්ෂ  නිල  නිවසේ මෙන්ම නෙළුම් මාවත කාර්යාලයේදී ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ගැන මෙන්ම ඊට මූලිකත්වය ගන්නා අයවලුන් පිළිබඳව ද, මැතිවරණය පිළිබඳව ඇති තක්සේරුව පිළිබඳව ද  දීර්ඝ වශයෙන් කතාබහ කර ඇතැයි සඳහන්.