SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට සහයෝගය දක්වනවාද මැතිවරණයට ඉදිරිපත් වෙනවාද යන්න පිළිබඳව

අද (10) උදෑසන පැවති එක්සත් ජනරජ පෙරමුණු දේශපාලන මණ්ඩලය සාකච්ඡාවට ගෙන ඇති අතර විශාල සාකච්ඡාවකින් පසු අදාළ තීරණය සවස පැවැත්වෙන මධ්‍යම කාරක සභාව වෙත යොමු කර තිබුණි.

 

එහිදී අප කළ විමසුමකදී දේශපාලන මණ්ඩල සභාපති හිටපු අමාත්‍ය කරූ පරණවිතාන පැවසුවේ ගනු ලැබූ තීරණය  මධ්‍යම කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කළ බවය.

 

අනතුරුව ජනරජ ආරංචිමාර්ග පැවසුවේ පැය කිහිපයක් පුරා විවාදාත්මක සාකච්ඡාවකින් පසු සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පලකිරීමට දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සවස පැවති  මධ්‍යම කාරක සභාව විසින් අනුමත කළ බවය.

 

 

ඒ අනුව එළැඹෙන 14 දින සජබ මහලේකම් සහ ජනරජ මහලේකම් අතර සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මූලික සූදානමක්ව පැවතුනද පවතින වාතාවරණය යටතේ වෙනසකට ඉඩ ඇති අපේක්ෂකයෙකු බලයට පත්කර ගැනීමට ගත් තීරයත් සමග පක්ෂ නායකයා විසින්  බො‌හෝ දුරට හෙට පිළියන්දල ජන රැළියේදී තම පක්ෂයේ ස්ථාවරය ජනතාවට ඉදිරිපත් කරනු ඇති බව ද  ජනරජ ආරංචිමාර්ග කියයි.

 

WhatsApp Image 2024 08 10 at 16.17.58

 

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජනතාව අමතන ජනරජ ජන හමුව 2024 අගෝස්තු ( හෙට ) 11 වෙනිදා සවස 3.00 ට පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අපේක්ෂිත පක්ෂ නායකයින් නැති උවත්

ගෝල්ෆේස් අරගල නායකයින් රනිල් සමග..

 

කෙසේ වෙතත් මේ වනවිට  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ බොහෝ පැමිණීම් නතරව ඇති බවත් සුළු ජනවර්ග  පක්ෂ සහයෝගය ප්‍රධාන වශයෙන්ම සමගි ජන බලවේගය වටා එක්ව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග කියයි.

 

අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුවද තරඟය පවතින්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර බවත් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාට ලක්ෂ විස්සක් ආසන්නයට පැමිණීමද අසීරු කරුණක් බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

 

black

 

එහෙත් ගෝල්ෆේස් අරගලයේ තරුණ නායකයින් බොහෝ දෙනෙක් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ඇති බව වාර්තා වේ.

 

ඔවුන්ගේ අරගලයේ බලාපොරොත්තුව සැබෑ ලෙසම ඉටුකළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අරගල භූමියේ ඉදිරියෙන්ම සිටි සංවිධානයක් වූ බ්ලැක් කැප් ව්‍යාපාරය පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි.