SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන්  නෙරපා හැරීමේ තීරණය නීත්‍යානුකූල බවට දුන්  

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මොහොතකට පසු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරවරුවේ හරීන් සහ මනූෂ හමුවී ඔවුන් දෙදෙනාගේ සහයෝගයට ස්තූතිය පළ කර 'කලබල වෙන්න එපා' යනුවෙන් කියා  ඇතැයි වාර්තා වේ.

 

සජිත් ප්‍රේමදාස අත්හැර රටට වඩාත්ම අවශ්‍ය මොහොතක රට වෙනුවෙන් වැඩ කිරීමට තීරණය කළ බැවින් තමන් ‘ඔළුව කෙලින් තියන්’ ඉවත්ව යන බව තීන්දුව ලැබුණු විගස මන්ත්‍රී ධුර අහිමිව ඇමැති ධුරවලින් ඉවත්වීමට සිදුවූ හිටපු ඇමැතිවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

 

ඔවුන් දෙදෙනාට අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් කණස්සල්ලට  පත්ව සිටින ජනාධිපති වික්‍රමසිංහ, ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අගය කරන බවත් තමන් සමඟ රැඳී සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

 

එහිදී ඔවුන් දෙදෙනාම ජනාධිපතිවරයා සමඟ සිටිමින් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමට ප්‍රතිඥා දුන්හ.

"ජනාධිපතිතුමා මට එතුමාගේ රැලි 100 මෙහෙයවීමේ කාර්යය භාර දීලා තියෙනවා. ඒ නිසා මම ඒකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙනවා. එතුමා දිනුවොත් මම ආසනයකට තරග කරනවද කියලා මම පසුව තීරණය කරනවා,"

හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබුණි.

 

එසේම මනූෂ නානායක්කාර ද  ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වනු ඇත.

 

හරීන් සහ මනූෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් නෙරපා හැරීමෙන් පසු සංචාරක, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත්වන බවත් , ඉඩම් සහ විදේශ රැකියා අමාත්‍යාංශ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ විෂය පථයට පත්වන බවත් සඳහන්.

 

කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව හේතුවෙන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දීමට නියමිතව ඇත.

 

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව හරීන් සහ මනූෂ යන දෙදෙනාම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ 2022 දී සජබය රජයට එක්වීම ප්‍රතික්ෂේප කළ විට, තමන් 'සියදිවි නසාගැනීමේ මෙහෙයුමක්' කළ බවය.

 

@dailymirror