SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන්

ඉවත් වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව Network Against Disinformation Sri Lanka පවසයි.

 

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව පවසමින් මව්බිම පක්ෂයේ නායක  දිලිත් ජයවීර සර්ව ජන බලය සන්ධානයට යැවූ ලිපියක් ආකාරයට සකස් කරන ලද ලිපියක ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එම ලිපිය ධම්මික පෙරේරා පොදුජන පෙරමුණට යැවූ ලිපිය අනුසාරයෙන් සකස් කර ඇති බව පෙනෙන අතර මෙම වෙනස පැහැදිලිව පෙනෙද්දීම එය  සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නොකඩවා සිදුවිය.

 

කෙසේවෙතත් මෙම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අදාළ ලිපිය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවත් Network Against Disinformation Sri Lanka -  Election Fake News Monitoring Center   වැඩිදුරටත් සඳහන් කලා.

 F

 

මේ අතර මැතිවරණ ප්‍රචාරණ සම්බන්ධ විශ්ලේෂක අදහස වන්නේ මෙවර වෙනදාට වඩා ප්‍රචාරණ විධි ක්‍රම භාවිතා වන බවත් පුවත්මය  සත්‍යය  සහ බොරුව යන දෙකම ගොඩනැංවීමක් බව වඩා හොඳින් මෙවර   පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ මතය වී ඇත.

 

ඒ අනුව මව්බිම නායකයාට විරුද්ධ පාර්ශ්වයන් පවා මෙවර දිලිත් ජයවීරට අවශ්‍ය ප්‍රචාරණයන් සිදුකර ඇති බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.