SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන්

රටේ මිනිසුන් අතීතයේ සිට  භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

 

මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.

 

  • ආගමන විගමන පාලකටත් චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්
  • ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි,
  • අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා.

 

“මෙතන දැන් සැකයක් ඇතිවෙලා තියෙනවා මේ හරහා අලුත් ජාවාරමක් වෙනවද කියලා. අපි ඒ පිළිබඳව විධිමත් ආකාරයට බලාගෙන ඉන්නවා. අපට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් කියනවා වහාම මේ ඇමතිවරයාගෙන් මේ බලතල අතට අරගෙන කරුණාකරලා මේ රටේ ජනතාවට මේ පාස්පෝට් එක ලබාදෙන්න. නැත්නම් මේ ජාවාරම නතර කරන්නට අපි ඉදිරි කාලයේදී අධිකරණමය වශයෙන් වශයෙනුත් සමාජමය වශයෙනුත් මැදිහත් වෙනවා.”

 

අද (09) උදෑසන මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක;

 

 

“මේ රටේ දේශසීමාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් අදාළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇති කරලා තිබෙනවා. අද තිබෙන මේ ආර්ථික අර්බුදය ආදී කරුණුවලට විශාල විසඳුමක් හැටියට ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන තේමාවන් දෙකයි. එකක් විදේශික සංචාරකයින් හැකිතාක් ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීම. දෙක මේ රටේ විරැකියාවෙන් පෙලෙන පිරිස් විදේශ රැකියා වලට යොමු කරවීම. ඉතින් මේ දෙකෙන්ම යම්කිසි ප්‍රතිඵලයක් පසුගිය කාලයේ ලැබිලා තිබෙන බව විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් අපේ රටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාමෙනුත් සංචාරකයින් විශාල පිරිසක් පැමිණීම නිසා ඒ හරහා ලැබුණු ආදායමෙනුත් පෙනී ගිහින් තියෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ලබාදීලා තියෙන මධ්‍ය ආදායම් වියදම් පිළිබඳ වාර්තාවෙනුත් මේ ක්ෂේත්‍ර දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අද මේ පවතින ඩොලරයේ වටිනාකම ස්ථාවර වීමට මේක බලපාලා තියෙනවා. ඉතින් දැන් අද සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? මේ ක්ෂේත්‍ර දෙකම බරපතල විදියට අර්බුදයට යන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් මේ රටේ අපි දැක්කා පසුගිය දෙසැම්බර් මාසයේ හිටි අඩියේ එතෙක් අනුගමනය කරමින් තිබිච්ච ඔන්ලයින් වීසා ක්‍රමය එක පාරට නතර කරලා දාලා, ඒ සඳහා අලුත් ක්‍රියාදාමයක් හඳුන්වා දෙන්න උත්සාහ කළා. පසුව ඒ තත්ත්වය වෙනස් වෙලා නැවත පරණ ක්‍රමයට ගිහිල්ලා ආයෙත් මේ වසරේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා සිට අලුත් ඔන්ලයින් වීසා ක්‍රමයක් හඳුන්වා දීලා ලෝකයේ රටේ දේශ සීමාව බාර දීලා තියෙන ආගමන විගමන නිලධාරීන්ගෙන් උදුරාගෙන ඉන්දියානු සමාගමකට ඒක පවරා දුන්නා. ඕක තමයි මේ රටේ මේ වර්තමාන කාලයේ සිදුවෙච්ච ලොකුම දේශද්‍රෝහීත්වය.

 

අපි මේ රටේ දේශසීමා ත්‍රස්තවාදීන් ආක්‍රමණය කළත් කොම්පැනි කාරයෝ ආක්‍රමණය කළත්, වංචනික ජාවාරම්කාරයො ආක්‍රමණය කළත් මේ රටේ දේශසීමා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න සැබෑ දේශප්‍රේමීන්. මේ රටේ ව්‍යාජ දේශප්‍රේමීන් ඉන්නවා. මේ රට ගැන බිය වද්දමින් නොයෙක් ආකාරයේ දේශපාලන ප්‍රයෝග කරමින්, කූට නාටක හදමින් හිටපු දේශප්‍රේමීන් ඉන්නවා. ඒ දේශප්‍රේමීන් සියලු දෙනාම මේ රටේ දේශ සීමාව, විදේශික සමාගමකට පවරා දීම ගැන නිහඬයි.

 

ඒකයි අපි කියන්නේ මේ රටේ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. විටින් විට එන මේ දේශප්‍රේමීන්ගේ දේශමාමකත්වය දැන් අපිට හොඳට පේනවා. ඒ වගේම මේ හරහා දැවැන්ත වංචාවක් වුණාය. කියන එක පිළිබඳ කරුණු සහගතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් තිදෙනෙක් හැටියට මමත් රවුෆ් හකීම් මන්ත්‍රීතුමත්, එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමත් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළා. 2024 අංක 203, 204 හා 205 ලෙස. ඒ පෙත්සම් වලට නීතිඥයෝ පෙනී හිටියේ නැහැ. පෙනී හිටියේ අප විසින්මයි. ඊට අමතරව තවත් පාර්ශව අටක් මේ වෙනකොට ඒකට ඉදිරිපත් වෙලා තියෙනවා. එම පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළා. විරෝධතා ඇතිවුණා. නමුත් විරෝධතා වලට එරෙහිව තීන්දුවක් දුන්නා. ඒ පෙත්සම් විභාග කරන්න. ඒ අනුව අතුරු නියෝගයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ පසුගිය දෙවෙනිදා. අද නමවෙනිදා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නියෝගය ප්‍රකාරව, ආගමන විගමන පාලකවරයා ක්‍රියා කරලා තියෙනවද?, දැන් ඒ වෙබ් අඩවිය නතර කරලා තියෙනවා. ඒ නතර කිරිල්ල විතරක් නෙවෙයි. මේ නියෝගයෙන් පැහැදිලිව දැනුම් දුන්නා පැරණි ක්‍රමයට එනම් කලින් තිබිච්ච මොබිටෙල් ආයතනය, ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලාංකික සමාගමක් වන ඉන්ෆොමැටික්ස් ආයතනය විසින් සිදු කරගෙන ගිය ක්‍රමවේදය පවත්වාගෙන යන්න මේ නඩුව විභාග කරනකම්, ඒ නඩුව ඔක්තෝබර් හත නැවත විභාග කරනවා. දැන් සතියක් ගෙත වෙලා තියෙනවා. ආගමන විගමන පාලක මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් නෑ. පසුගියදා මෙහි තවත් පාර්ශවකරුවෙක් වූ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියැලි වැදගත් වෘත්තීය ආයතන, ඒ වගේම ව් යාපාරික ආයතන, ඔවුනුත් අංක දෙසිය දහඅට ඇල ඉරක් විසි හතර යටතේ මේකෙ පෙත්සම්කරුවෝ. ඔවුන් විසින් මේ වගකීම අද ආගමන විගමන පාලකට පෙන්වා දීලා තිබෙනවා. දැන් මේ නියෝගය ලිඛිතව අපි දන්නවා පසුගිය අඟහරුවාදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් විසින් නිකුත් කරපු බව. නමුත් අපිට පේනවා දඩබ්බර ත්‍රාඪ විදිහට මේ නියෝග නොතකා හරිමින් අර පොලිස්පති පදවිය වගේම රට අර්බුදයට යවන්න තිබෙනව තිබෙන බව.

 

මේ කාටද හානි කරන්නේ? රටේ සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රතිරූපය තමයි මේ හානි කරමින් තිබෙන්නේ. කවුරුවත් නෙමෙයි, මහජන ආරක්ෂක ඇමති යැයි කියන පුද්ගලයා හා ඔහුගේ වටා බැඳිච්ච නිලධාරීන් පිරිස. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අපි ආගමන විගමන පාලකට කියනවා ඔබ බොහොම පමයි ඔබ තව දුරටත් පමා වී ක්‍රියා කරනවා නම් ව්‍යවස්ථානුකූලව ඔබ රජයේ සේවකයෙක් හැටියට බැදිලා ඉන්නවා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඒ සඳහා ව්‍යවස්ථාවේ 170 වෙනි වගන්තියේ බලන්න ඔබ ඉන්නේ ඒ යටතේ ඔබ නීතිය ඉදිරියේ බැඳිලා ඉන්නවා ඔබ නීතිය ඉක්මවා ක්‍රියා කරනවා නම් ඔබ, ඔබට එරෙහිව ක්‍රියා කරන්න අපි මැලි වෙන්නේ නෑ, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව එදා උසාවියේ පෙනී හිටියා. එම නීතිපති දෙපාර්තමේන්තුවට පැහැදිලි නියෝගයක් විනිශ්චය මණ්ඩලය ලබා දුන්නා. මේ තීන්දුව නොපමාව රජයේ නීතිපතිවරයා හැටියට ඒ අයට ලබා දෙන්න කියලා. එහි පළවෙනි වගඋත්තරකරු තමයි මේ ආගමන විගමන පාලකවරයා. එතකොට ඒ ආගමන විගමන පාලකවරයාට මේ දැනුම් දෙන්න කියලා නීතිපති දැනුම් දීලා තියෙනවා. පෙත්සම්කරුවෝ හැටියට අපි දැනුම් දීලා තියෙනවා. උසාවි නියෝගයක් තියෙනවා. ලිඛිත නියෝගය අත්සන් කරලා තියෙනවා. දැන් ඒක ලැබුණද කිය කිය බලන් ඉන්න දෙයක් නෑ. මේකට ක්‍රියාත්මක වීමේ වගවීම තියෙනවා. එසේ නොවුණහොත් මේ සම්බන්ධයෙන් ලබන සතියේදී අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේ රටේ මේ දේශ සීමා ආරක්ෂා කර ගැනීම ගැන.

 

මේ රටේ දේශසීමා කාලයකට පෙර එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් උල්ලංඝනය කරපු වෙලාවේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් එක්ක එකට කටයුතු කරපු, දේශද්‍රෝහීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දේශ සීමා ආරක්ෂා කරගන්න. මේ දේශ සීමා ආරක්ෂා කරගන්නාටත්, මේ රටට සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට රටේ ඩොලර් සංචිත වැඩි කර ගැනීමටත් අපි මැදිහත් වෙනවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබ රටට ප්‍රකාශ කරන දේ රට සාමකාමී කරන්න කරලා තියෙනවා නම්, රටට සංචාරකයෝ වැඩිපුර ඕනේ නම්, සංචාරක ඇමතිවරයාගේත්, ඒ වගේම ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් වගකීම තමයි මේ මුළු කැබිනට් මණ්ඩලයටම මේ නියෝගය දීලා තියෙනවා. වහාම මේ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට ඒ පිළිබඳව ක්‍රියා කරන්න අණ දෙන්න.

 

ඊළඟට දැන් මාස ගණනක් තිස්සේ නෑ. රටින් පිටව යන්න රැකියාවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශාල තරුණ පිරිසකට, ඒ වගේම වැදගත් රැකියාවලට යන්න ඉන්න අය පමණක් නෙවෙයි. අධ්‍යාපනය ලබන්න ඉන්න අය, පුහුණුවීම් ලබන්න ඉන්න අය, රාජ්‍යතාන්ත්‍රික සේවාවලට යන බොහෝ දෙනෙක් දරුණු අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ආගමන විගමන පාලකවරයා තමන්ගේ බලපත්‍රයක් බවට පත්කරගෙන තියෙනවා අද මේ එක. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊ පාස්පෝට් එකක් හඳුන්වා දෙන්න කියලා වැඩපිළිවෙලක් කරගෙන ගියා. දැන් ඊ පාස්පෝට් එකත් නැහැ. නිකන් පාස්පෝට් එකත් නැහැ. මේකෙන් පෙන්නන්නේ මේ ඇමතිවරයා සහ මේ දෙපාර්තමේන්තුවට අඩුගානේ මේ රටේ මිනිස්සු අතීතයේ ඉදන් භුක්ති විඳපු පාස්පෝට් එකවත් නිකුත් කරගන්නට නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙනවයි කියන එක. මෙතන දැන් සැකයක් ඇතිවෙලා තියෙනවා මේ හරහා අලුත් ජාවාරමක් වෙනවද කියලා. අපි ඒ පිළිබඳව විධිමත් ආකාරයට බලාගෙන ඉන්නවා. අපට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් කියනවා වහාම මේ ඇමතිවරයාගෙන් මේ බලතල අතට අරගෙන කරුණාකරලා මේ රටේ ජනතාවට මේ පාස්පෝට් එක ලබාදෙන්න. නැත්නම් මේ ජාවාරම නතර කරන්නට අපි ඉදිරි කාලයේදී අධිකරණමය වශයෙන් වශයෙනුත් සමාජමය වශයෙනුත් මැදිහත් වෙනවා.

 

මං නැවතත් අවධාරණය කරනවා ඊ වීසා වංචාව තමයි ලංකා ඉතිහාසයේ සිදු වෙච්ච විශාලතම වංචාව. ඩොලර් බිලියන දෙකයි දශම හතයි දෙකක් ඉන්දියාවේ පෙට්ටි කඩයක් පවත්වාගෙන යන අයි වී එස් ආයතනයට ඒ වගේම අපි කවුරුවත් නොදන්නා විදේශ සමාගමක් වන ජී බී එස් කියන සිංගප්පූරුවේ සමාගමකට කිසිම ආකාරයක විධිමත් අධ්‍යයනයකින් තොරව මේ මහා වංචාව සිදුවෙලා තියෙනවා. මේ මහා වංචාව අධිකරණය විසින් දැන් තාවකාලිකව නතර කරලා තියෙනවා. නමුත් වංචනිකයින් අද තමන්ගේ බලය පාවිච්චි කරලා, අධිකරණයට උඩින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සමස්ත මහජනයාගෙන්ම අපි ඉල්ලා සිටිනවා. මේ දැන් ඔබ මැදිහත්විය යුතු කාලයයි. අර අරගල, මේ අරගල ගැන කතා කර කර හිටියා. මේ ඔබ, ඔබේ දේශසීමාව, මව්බිමේ දේශසීමාව රැකගැනීම සඳහා ඉදිරිපත් කාලයයි.

 

අපි දැක්කා මේ දේශප්‍රේමීන් කිය කිය පෙනී හිටපු අයගේ හෙළුව දැන් එළිවෙලා ඉවරයි. ගොඩගහගෙන, ජාවාරම් නවත්තන්න බලය ඉල්ලන අයගේ හෙළුව එළිවෙලා ඉවරයි. මහජන ආරක්ෂක ඇමතිගේ නම කියන්න බය මේ දූෂිතයන්ට එරෙහිව පෙනී සිටින නායකයින් අද හෙළිදරව් වෙලා ඉවරයි.

 

ඒක නිසා, දැන් අපි ජනතාවට කියනවා, අපි මේ රටට, කුඩු, දූෂණ පිළිබඳ කතාබතා නෙවෙයි. දූෂණය අපි ජයගෙන පෙන්නුවා. අධිකරණය අපේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීලා තියෙනවා. අවසාන තීන්දුව අනාගතයට තීරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ රට වෙනුවෙන් අපේ දේශ සීමා රැකගන්නත්, විදේශීය කාරයින්ගෙන් හා ජාවාරම්කාරයින්ගෙන්. ඒ වගේම මේ වැදගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අපේ මේ ජාවාරම්කාරයින්ගෙන් මුදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයත්, ඒ වගේම මේ රටින් පිටරටවල් වලට විදේශ රැකියා සඳහා යෑමට නියමිතව ඉන්න අපේ තරුණ තරුණියන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඒ වගේම වෙනත් සේවා ලබා ඉදිරිපත් වෙන්න කියලා සියලුම මේ රටේ දේශමාමක පුරවැසියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඒ වගේම දූෂණයට එරෙහි යුක්තිගරුක සියලුම සමාජ සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා.

 

එහිදී පාඨලී මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්..

 

ප්‍රශ්නය

බොහෝ දෙනා කතා උනේ හිතාගෙන හිටියේ ඔබතුමාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා. මොකක්ද වෙන්නේ ඇත්තටම? මොකක්ද ඔබතුමන්ලාගේ තීන්දුව? ඔබතුමන්ලා පක්ෂයක් නිර්මාණය කළා. නමුත් ඔබතුමන්ලා තාම නිහඬයි.

 

පිළිතුර

අපි මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගිය පෙබරවාරි මාසේ 14 වෙනිදා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩ පොදු වැඩපිළිවෙල අපි සාකච්ඡා කළා විවිධ දේශපාලන පක්ෂ එක්ක. අපට ධනාත්මක ප්‍රතිඵල ලැබුණා. සෘණාත්මක ප්‍රතිඵල ලැබුණා. නොයෙක් දේ ලැබුණා. අපි ඒ සියල්ලම දැන් විශ්ලේෂණය කර ගනිමින් ඉන්නවා. අපේ පක්ෂයේ සාමාජිකයන් එක්කත් අපි කතා කරගෙන යනවා. අපි ලබන සතියේදී ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා කවුද කියන එක ප්‍රකාශයට පත් කරනවා.

 

ප්‍රශ්නය

සමහර සමාජ මාධ්‍යවල විවිධ තැන්වල කතාබහට ලක්වුණු සරත් ෆොන්සේකා මහත්මයාට ඔබතුමාගේ සහාය ලබා දෙනවාද කියලා කතාවක්. එහෙම මොනවා හරි සාකච්ඡාවක් වෙලා තියෙනවා ද?

 

පිළිතුර

සරත් ෆොන්සේකා මහත්තයට අපි ගරු කරනවා මේ රටේ මිනිස්සුත් ගරු කරනවා. මොකද මේ රටේ තිබුණු දැවැන්ත පිළිකාවක්, ත්‍රස්තවාදී පිළිකාව නැතිකර දමන්නට 2005-2010 කාලයේදී එතුමා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට දුන් නායකත්වය ගැන. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමාගේ අරමුණ හැටියට මේ දූෂණය තුරන් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. එතුමා සමඟ අපි දේශපාලන සාකච්ඡාවක් කරලා නෑ. නමුත් අපි පෞද්ගලික මට්ටමෙන් එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එතුමාගේ අරමුණු සාක්ෂාත් කරගන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එතුමාට අපි සුබ පතනවා. අපේ අපේක්ෂකයා එතුමද, නැත්නම් වෙන කෙනෙක්ද කියන එක අපි ලබන සතියේ ප්‍රකාශ කරනවා.

 

ප්‍රශ්නය

මාධ්‍යයට වාර්තා වෙනවා. ලාල් කාන්ත මහත්මයා අත්අඩංගුවට ගන්න කියලා, රැල්ලක් අමුතුවට කැරකෙනවත් එක්කනේ ඒ පැත්තට.

 

පිළිතුර

නැහැ මෙහෙමයි. ඒ රැල්ලේ, නොරැල්ලේ ප්‍රශ්නය නෙමෙයි. මෙතන ප්‍රශ්නෙ, මේ රටේ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේ රටේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සාමාජිකයන් කිහිප දෙනෙක් ලාල් කාන්ත මහත්මයා, සුනිල් හඳුන්නෙත්ති මහත්තයා, බිමල් රත්නායක මහත්මයා එදා අරගලය අවසාන අවස්ථාවේදී, ඔවුන් ජූලි එකොළොස් වෙනිදා හෝ ඊට ආසන්න දිනයක, පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ලා, අදම අපි මේ දේ ඉවර කරමු කියලා, මේ පාර්ලිමේන්තුව අර නාසි පන්නයේ, හිට්ලර්, ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තියලා ඒ රටේ බලය ඇල්ලුවා වගේ, අනීතික ක්‍රමයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයට, ව්‍යවස්ථා විරෝධී ක්‍රමයට බලය අල්ලා ගැනීමක් සඳහා යෝජනා කළා. අත්අඩංගුවට ගත්තා. කවුද? වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තා. හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම හා ඒ නඩු පැවරීම, ඒ ක්‍රියාවලිය, මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට විවෘතව ආමන්ත්‍රණය කරපු, ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයකට ආමන්ත්‍රණය කරපු, ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට, විවෘතව ආමන්ත්‍රණය කරපු, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සම්බන්ධයෙන් වුණේ නැහැ. අපි නිතර කියන දෙයක් මේ ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි, මේගොල්ලෝ අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා.

 

දැන් මම රත්නපුරේ පවත්වපු රැස්වීමකදි ජනාධිපතිවරණ සමයේදී නොයෙක් ආකාරයේ ගැටුම්, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙන්න නියමිතයි කියලා සාක්ෂි, සාධක ඇතුව කිව්වාම, මහජන ආරක්ෂක ඇමතිටයි, පොලිස්පතිටයි, රහස් පොලීසියටයි ලොකු තදියමක් තිබුණා. අපිව රහස් පොලීසියට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. හැබැයි දැන් අවුරුදු ගාණක් ගතවෙලත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට මුල් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සම්බන්ධයෙන් පියවර ගන්නෑ. දැන් අපිට පේනවා නිකන් එළියේ ගහගත්තට මේක දේශපාලන පාතාලෙක කොටස්කරුවෝ කියලා.

 

වහාම අපි මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය හැමෝටම සමව ක්‍රියාත්මක කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා රට වටේ කියනවා නම් නීතිය ඉදිරියට පමුණුවනවා කියලා සියලු දෙනාම ඒ අය සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් තියෙනවා. ඒක කළ යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් විවෘතව ඉදිරිපත් විය යුතුයි. එහෙම නැතුව තැන් තැන්වල වේදිකාවල තමන්ගේ අර යටි අදහස, යටි අරමුණ, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තියෙන යටි අරමුණ ක්‍රියා කෙරිය යුතු නැහැ. අපි ඒ වගේම පෙන්නලා දෙනවා මේ රටේ මධ්‍යස්ථ ජනතාවට ඔබට මේ රටේ දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා. ඇත්ත. ඔබට මේ රටේ දේශපාලනය ඔබව පහලට දැම්මයි කියලා කලකිරීමක් තියෙනවා. හැබැයි මතක තියාගන්න. මේ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් නෙවෙයි. බව ඒ අයගේම කටහඬවල් වලින්, ඒ අයගේම කතාවලින්, ඒ අයගේම ක්‍රියාකාරකම්වලින් ඔප්පු කරමින් තියෙනවා. ඒ නිසා ඒ අනතුරු ඇඟවීමත් අපි මේ රටේ දැනට මේ වෙනස ප්‍රාර්ථනා කරමින් යන රැලි හදාගෙන යන පිරිස් වලට ප්‍රකාශ කරන්න ඕනේ.

 

ප්‍රශ්නය

පහුගිය දවස්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ කියන කණ්ඩායම තමයි ප්‍රබල කණ්ඩායමක් විදිහට හිටියේ. තාමත් ඔවුන් ඒක අර සන්ධානගත වෙන්න ඕනේ. ගිහිල්ලා නෑ. මේකෙන් දේශපාලනික වාසියක් ගන්නවද? තමන්ගේ බල කඳවුර මේකයි ස්ථාවර කරගන්න.?

 

පිළිතුර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන, අපිට අනුන්ගේ පක්ෂ ගැන කතා කරන්න බැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂවරු කියන්නේ මේ රට බංකොලොත් වීම සඳහා සෘජුව වගකිව යුතු අය. අපි විශ්වාස කරන හැටියට මූලික අයිතිවාසිකම් නඩුවෙන් Public Trust Doctrine  එක යටතේ හා තවත් නීති ගණනාවක් යටතේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වරදකරුවන් කළා. ඔවුන් තමයි මෙහි නායකයින්. ඔවුන්ගේ ආණ්ඩුවක් තමයි ජනාධිපති හා මහ මැතිවරණයෙන් වුනේ. ඒ නිසා මම, අපි හිතනවා ඔවුන්ට ලංකාවේ එම නායකත්වයට, ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතියක් නැහැ. අපි ඉතාම සතුටට පත්වෙනවා එහි හිටපු වැදගත් පිරිස් අද වෙනම සංවිධානය වීම ගැන.

 

ඔය පක්ෂේ හදලා තියෙන්නේ කවදාවත් ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක, පොහොට්ටුව කියන එක හදලා තියෙන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාටත්, ඔහුගේ දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් යන්න මිසක් කුසලතාවයක් තියෙන, ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න රමේෂ් පතිරණටවත් ඒ වගේම ශෙහාන් සේමසිංහටවත් කංචන විජේසේකරටවත් ඒ වගේම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ටවත් අනුරාධ ජයරත්නටවත් ඔය වගේ තරුණ දැනට ඇමතිධූර දරන පිරිස් වලට නෙවෙයි මේක විවෘත කරලා තියෙන්නේ.

 

ඉතින් ඒක ඒ අය අවබෝධ කරගැනීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ මේ ග්‍රහණයෙන් මිදිලා තමන්ගේ පැරණි ප්‍රතිපත්ති අලුත් ප්‍රතිපත්ති බවටත් පත් කරගෙන ඉදිරි ගමනක් යනවා නං අපිත් ඒකට සුභ පතනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්.

 

ප්‍රශ්නය

දැන් අවසාන මොහොතේ ධම්මික පෙරේරා මහත්මයා ඉවත් වුණා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාවක් ලැබුණා ඉල්ලන්න. ඔබතුමා හිතන්නේ මේක අවසන් මොහොත වෙනකන් වෙයිද? මොකක් වෙයිද තාම?

 

පිළිතුර

ධම්මික පෙරේරා මහත්තයාගේ පාඩම මීට කලින් අපි හැමෝමත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ පාවිච්චි කරලා එළියට දාන එක. පොල් කුඩු කරලා එළියට දාන එක. ඕක ඉතින් අපි නම් ඉගෙන ගත්තා 2014. ධම්මික පෙරේරාට 2024 දී බිලියන් ගානක් වියදම් කරලා ඒක ඉගෙන ගන්න වුණා. ඉතින් ඔය පස්සේ යන අනිත් අයටත් අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ටත් ඔය සිද්ධාන්තයම තමයි ඔය පොල්කුඩු සිද්ධාන්තයම තමයි රාජපක්ෂ පවුලෙන් ලැබෙන්නේ.

 

ප්‍රශ්නය

රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තුවෙන් හිටියනේ අවසාන මොහොත වෙනකන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලැබෙයි කියන කතාව. දැන් මේකත් එක්ක ඒකෙන් යම්කිසි කොටසක් කැඩිලා යයිද? රනිල් වික්‍රමසිංහ මහත්මයට නාමල් රාජපක්ෂ මහත්මයා දැමීම තුළින් යම්කිසි බලපෑමක් වුණාද?

 

පිළිතුර

බලපෑමක් වෙයි. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද වලට බලපෑමක් වෙයි. මං මෙතනදී පොඩි රහසක් කියන්නං. ඔය අරගල සමයේ මාවත් හම්බුවෙන්න ආවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස්. මේ ආණ්ඩුව ගලෝ ගන්න හිටපු බලශක්ති ඇමතිවරයෙක් හැටියට, අත්දැකීම් තියෙන දේශපාලකයෙක් හැටියට මැදිහත් වෙන්න කියලා කිව්වා.

 

මං එතුමන්ලාට පොඩි ජාතක කතාවක් කිව්වා. ඒ ජාතක කතාව තමයි අපි කවුරුත් දන්න තාපසයයි, කොටියයි කතාව. කොටියා උගුලක වැටිලා ඉන්නවා කැලේ අසරණව කෑමක් බීමක් ජලය වතුර නැතුව තාපසයෙක් යනවා බොහොම ප්‍රබුද්ධ තාපසයෙක් යනවා එතනින්. කොටියා ආයාචනා කරලා කියනවා අනේ තාපසේයාණන් වහන්ස ඔබට පින් සිද්ධ වෙනවා අපිව මේකෙන් ගලවගන්න කියලා. ඉතින් තාපසයා බය වෙනවා කොටියව ගලවගන්න. මොකද කොටියා සතා කවුද කියලා දන්නවා. අනිත් එක බඩගින්නේ ඉන්නේ වතුරත් නැතුව. ඉතින් කෙසේ නමුත් මේ කොටියාගේ ආයාචනය ඉවසා දරා ගන්න බැරුව අවසාන වශයෙන් පරාර්ථකාමිත්වය මත පදනම් වෙලා බොහොම හොඳ චේතනාවක් ඇතුව පදනම් වෙලා කොටියව බේරගන්නවා තාපසයා. මොකද කරන්නේ කොටියා. මට හරි බඩගිනියි කියලා. පළවෙනි පාරම පනිනවා තාපසයාගේ ඇඟ ඇඟට ඔහුව කන්න. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙලා තියෙන්නෙත් ඒකයි. මම නම් එදාම ඕක අපේ මන්ත්‍රීතුමාලට කිව්වා අපි ඔය ඔය ආණ්ඩුවට ආවනම් අපට වෙන්නෙත් ඕකයි. අපි කලින්ම දන්නවා මේ සත්තු කවුද කියලා.

 

@මාධ්‍ය ඒකකය