SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත්

තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද සුවිශේෂී තීන්දු දෙකකින් තීරණය කිරීමත් සමග ඔවුන්ගේ ඇමති ධූර තවදුරටත් පවතීවිද යන්න විවාදාපන්න වී ඇත. 

 

කෙසේ වුවද මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙපළ නෙරපා හැරීම නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සහ අමාත්‍ය ධුර අහිමි වනු ඇත.

 

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සම්කරුවන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීමට සජබය ගත් තීරණය නීතියෙන් වලංගු බවයි.

 

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය  ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෙන වෙනම නෙරපා හැරීමේ පෙත්සම් දෙකක් ගොනු කර තිබුණි.


 
මනූෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්ත්පා ද, හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ විරාන් කොරයා සමඟ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතීඥ හෙජාස් හිස්බුල්ලා සහ සම්පත් විජේවර්ධන සමගි ජන බලවේගයේ නායකයා සහ මහලේකම් වෙනුවෙන් පෙනී සිටියහ.

 

කෙසේ වුවද මෙම තීන්දුව සමග අනෙකුත් පක්ෂවලටද ඔවුන් සමග සිට තරඟ කර පක්ෂය හැර ගොස් අමාත්‍ය ධූර ලබාගත් අය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට මෙය පූර්වාදර්ශයක් විය හැකි බවත්, ඒ අනුව මේ වනවිටත් ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවිය ක්‍රියාත්මක කර ඔහු විසින් භාරකාර ආණ්ඩුවකට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදිය හැකි බවත් කතාබහට ලක්ව ඇත.

 

මේවා මෙසේ වුවද මේ මොහොතේ භාරකාර ආණ්ඩු වලට කිසිදු පක්ෂයක අවදානයක් යොමු නොවනු ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ඔවුන්ගේ අරමුණව ඇත්තේ ජනාධිපතිවරණයත් අනතුරුව මහා මැතිවරණයත් ජය ගැනීම වනු ඇත.

 

කෙසේ වුවද මෙම තීරණයත් තම ප්‍රචාරණ ව්‍යාපෘතියට  යොදා ගැනීමට තරම් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සමත් වූ අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ.