SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘ඉරිදා මව්බිම’ ලිපිය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව වරප්‍රසාද කමිටුව තීරණය කරයි.

පාඨලී ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානම්..!

 

2024.04.07 වන ඉරිදා මව්බිම පුවත්පතේ පල කරන ලද සාවද්‍ය කරුණු ඇතුලත් 'ජහමනයා අන්දන ක්‍රම සහ විධි' යන ශීර්ෂයෙන් යුත් ලිපියක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් 2024.04.18 දින කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන ලදී.

 

ඒ අනුව, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කරන ලද අතර, වරප්‍රසාද කමිටුවේ නියෝජිතයින්  මෙය සමතයකට පත් කරනවා ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමක් සිදු කරනවා ද යන්න පිළිබඳ රණවක මන්ත්‍රීවරයාගෙන් විමසීමක් සිදු කරන ලදී.

 

වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු කාරක සභාවක සහ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කෙරෙන මෙම ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි වරදකි. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාඨලී චම්පික රණවක විසින් කටයුතු කරන බව දැනුම් දුන් අතර, වරප්‍රසාද කමිටුවේ නියෝජිත මන්ත්‍රීවරුන් ද, එය අනුමත කරන ලදී.

 

@මාධ්‍ය ඒකකය