SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කර තිබුණි.

1955 උපත ලැබූ පාක්කියසෙල්වම් ආරියනේතිරන්, කොක්කටිචෝලෙයි සිවන් කෝවිලේ භාරකරු වේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි පුවත්පතක් වන තමිල් අලයි (දෙමළ රැල්ල) හි කර්තෘවරයා වූ ඔහු   2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ (TNA) අපේක්ෂකයෙකු ලෙස දෙමළ කොටි විසින් තෝරාගනු ලැබූ නමුත් TNA අපේක්ෂකයින් අතරින් පස්වන ස්ථානයට පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසමත් විය.

කෙසේ වෙතත්, කිංස්ලි රාසනායගම්ගේ ඉල්ලා අස්වීමෙන් පසු 2004 මැයි මාසයේදී ආරියනේදිරන් පාර්ලිමේන්තුවට පිවිසියේය. මේ පිළිබඳව  ආරියනේදිරන්ට ඉඩ සැලසීම සඳහා රාසනායගම්ව දෙමළ කොටි සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඉල්ලා අස්වන ලෙස බල කළ බවට චෝදනා එල්ල වී ඇත. 

ආරියනේදිරන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරී පත්වූ අතර 2015දී  නැවත තේරී පත්වීමට අසමත් විය.