SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- වංචා කළ මුදල් නැවත අය කරගැනීම පිළිබඳ කෙටුම්පත සජබ රජය මුලින්ම සම්මත කරන පණතයි.

- තව මාස 3කින් පසු ඖෂධ ගේන්නවත් වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ....

- IMF සහනයට සමාන VFS වංචාව

- ජවිපෙ සැරසෙන්නේ..., කලු සල්ලි සුදු කරන්නද..? කැට සල්ලි සුදු  කරන්නද...?

- නාමල් නිසා අනාථ වූ පොහොට්ටු මන්ත්‍රීවරු

 

තවත් දින 44කින් පසු මහජන මුදල් වංචා කළ පුද්ගලයන් පිළිබඳ විධිම්ත් විමර්ෂණයක් පවත්වා, නීතිය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය. ඒ පාර්ලිමේන්තුවට ඊයේ (අගෝස්තු 7 බදාදා දින) ඉදිරිපත් කෙරුණු වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමිනි. ජනතා ඉල්ලීම මෙන්ම අයිතියද වන වංචා කළ මහජන මුදල් නැවත අය කර ගැනීමටත්, අදාළ වංචාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් පහසුකම් සැළසෙන පරිදි "වංචා කළ මහජන මුදල් අයකර ගැනීමේ පණත" තම රජය යටතේ කෙටුම්පත් කර සම්මත කරගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකික පුරවැසියා ඉතා යහපත් ආර්ථික මට්ටමක වෙසෙන බවට වන සිහින ලොවක සිටයැයි ඔහු චෝදනා කළේය. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා  විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට  ආරාධනා කළේ මෙරට බිම් මට්ටමේ ජනතාව හමුවී ඔවුන්ගේ ආර්ථික තත්වය විමසා බලන ලෙසයි. බඩගින්න, විදුලි කප්පාදුව, දරුවන්ගේ අධ්‍යාපන අපහසුතා, ජීවන අරගලය හා අනාගතය පිළිබඳ අපේක්ෂා භංගත්වය මෙරට  සියලු ජනතාව අත්විඳින තත්වයයි.

 

ව්‍යාජ මාධ්‍ය සංදර්ශන, ප්‍රකාශ හා සංඛ්‍යා ලේඛන මත තවදුරටත් මහජන විශ්වාසය දිනා ගත හැකියැයි සිතීම ආණ්ඩුවේ මෝඩකම. භාණ්ඩාගාර සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් බව පෙන්වා දී රට ගොඩ ගිය බව ඒත්තු ගැන්වීම ඔහු  සරළව පැහැදිලි කළේ මෙසේය. ලක්ෂයක් ණය වූ පුද්ගලයෙකු පන්දහසක් සාක්කුවේ දමාගෙන තමා සියලු ප්‍රශ්න වලින් මිදුනු බවට කට මැත දෙඩවීමක් හා සමානයි. නමුත් එම 5000න් 1500ක්ම චීනය ලබා දී ඇත්තේ වියදම් කිරීමට නොව සංචිත ශක්තිමත් කිරීමට පමණකි.

 

තමාට පෙර පාර්ලිමේන්තුව ඇමතූ බන්දුල ගුණවර්ධන පිළිබඳව මෙහිදී සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් දැඩි විවේචනයක නිරත විය. බන්දුල ඇමතිවරයා විසින් එදා මහ බැංකු වංචාකරු ලෙස හැඳින්වූ වික්‍රමසිංහ මහතා සමග 2002 දී ආර්ථිකය සැකසූ ආකාරය වර්ණනා කරමින් සිටියි. එමෙන්ම 2007 වසරේ පක්ෂය මාරු කර රනිල් වික්‍රමසිංහව  දැඩිව විවේචනය කළ ඉතිහාසයද මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සිහිපත් කළේය.

 

නමුත් අද බන්දුල ඇමතිතුමා VFS ගණුදෙනුව පිළිබඳ නොදුටු දෑස්ව සිටින බවත් එම දූෂිත ගණුදෙනුවේ වසර 16ක අයුතු ලාභය රුපියල් බිලියන 900කට අධික බවත් මන්ත්‍රීවරයා  පෙන්වා දෙන ලදී.

 

බංකොලොත් රට ගොඩ දැමීමට IMF වෙතින් හිමි වන්නේද ඩොලර් බිලියන 2.9ක් වුවද, VFS වංචාවෙන් උපයා ගන්නා මුදල ඩොලර් බිලියන 2.75කි. නිවැරදිව ගණනය කළහොත් වත්මන් ආණ්ඩුව තෙල්, ගල් අඟුරු හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයෙන් IMF ණය ප්‍රමාණයට වඩා බොහෝ ප්‍රමාණයක් වංචා කර ඇත.

 

පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස හා නාමල්  රාජපක්ෂ ගේ හමුවක් ගැන කියමින් සිල්ලර විනෝදයක් ලැබූවන් දැන් දැඩි බියකට පත්ව සිටියි. ධම්මික පෙරේරා නුසුදුසු බව කියා ජනපති සරණ ගිය පොහොට්ටු මන්ත්‍රීවරු නියම පොහොට්ටු හිමිකාරත්වය හිමි නාමල් ගේ අපේක්ෂකත්වය ඉදිරියේ දේශපාලන අනාථභාවයට පත්ව ඇති බව ද මරික්කාර් මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය. ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ පොහොට්ටුවේ පාර්ශව දෙක, වම් අත හා දකුණු අත මෙන් නිසා එම දෙපාර්ශවයම පරාජය කිරීමට තමා ප්‍රමුඛ සජබ සමත් බවයි.

 

අද එජාපයට සන්ධානගත වීමකින්වත් ජනාධිපතිවරණයට පැමිණිය නොහැකි තත්වයක් උද්ගතව ඇත. අවසන් පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල හා සංසන්දනාත්මකව එතුමා පැවසූයේ තමා නායකත්වය දරණ කොලොන්නාව ආසනයේ මීලඟ මනාප ප්‍රතිපලයයි. අවසන් මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ලබා ගත් 2400ක මනාප තවත් 500කින් වැඩි කරගෙන, පොහොට්ටු මනාප 2000ක්ද දිනා ඡන්ද 5000ක් ලබා ගන්නා වාතාවරණයක එතුමා කෙසේ ජනාධිපති සටන දිනන්නේද...? මෙරට වත්මන් සෞඛ්‍ය සේවාව බාල බෙහෙත් නිසා ඉතා අසීරු අඩියකට වැට්ටූ පසු තවත් මාස 3කින් පසු අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට හෝ හැකියාවක් නොමැත. නමුත් රජය පාරවල් සංවර්ධනය කර සුරංගනා ලෝකයක් බිහි කරන බව ලොවට ප්‍රදර්ශනය කරමින් සිටියි.

 

දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වන්නේ තම ගැටළු විසඳීමට සමත් ප්‍රායෝගික නායකයෙකු හා කණ්ඩායමකි. යම්හෙයකින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා  ජනාධිපති වුවහොත් මහමැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙකක් පමණි. එවන් මොහොතක සිදුවන්නේද චන්ද්‍රිකා යුගයේ ඇමතිකම් දැරූ පරිදිම පාලනයෙන් පැනයාම පමණක් බවයි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේ.

 

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්