SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගත්තේය.

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් මෙලෙස ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම පිළිබඳව ලාංකීය ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරන්නක් වී ඇත.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

 

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරගය දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.

 

මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි. එම තරඟයේ ක්‍රීඩකයෙක් ලෙස වත්මන් ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි.

නවතම ලිපි