SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමාගේ අවධානය රට ඉදිරියට ගෙන යාම සඳහා බැවින් තමන්ට තරගයක් නොමැති බව

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

"මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා," යැයි  ඔහු අවධාරණය කළේය.

 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද(07) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය. 

 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණයහිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල කිසිදු මිණුම් දණ්ඩක් වෙනස් කරන්න බෑ, එහෙම කළොත්  ශ්‍රී ලංකාවට අරමුදල් අහිමි වෙන්න පුළුවන්. ඒනිසා  සියලුම අපේක්ෂකයින් ඡන්දදායකයින්ට ඇත්ත කියන්න  ඔින”.

 

තමන් තේරී පත් වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවය.

 

 

නවතම ලිපි