SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මුල සිට සැලැස්මක් නොතිබූ බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

 

තමාට තිබූ වගකීම වූයේ සූට් එක හරියන කෙනෙක් සඳහා එය මැසීම බවත්, එහෙත්  බලෙන් එම ඇඳුම ඇන්දවීමට නොහැකි බවත්  අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

 

කෙසේනමුත් අභියෝගාත්මක අවස්ථාවක පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද, තමන් එම ඉල්ලීම භාරගත් බවද ඔහු වැඩිදුටත් සඳහන් කළේ ය.

 

මෙවර ජනාධිපතිවරණයේ පළමු බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වන බවත්, පක්ෂයෙන් ගිය පිරිස්වලටද පක්ෂය සමඟ එක්වන ලෙසට ආරාධනා කරන බවත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම ලිපි