SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් රංගන ශිල්පී අර්ජුන කමලනාත් පවසා සිටියේ

කලාකරුවන් වශයෙන් සතුටින් සිටිය හැකි කාලයක් අද උදාව ඇති බවත්, ආදායමක් උපයාගන්නට ඒ නිසා හැකිව ඇති බවත් ය.

 

WhatsApp Image 2024 08 06 at 18.58.47

 

“අද කලාකරුවන් වශයෙන්  අපිටත් සතුටින් ඉන්න පුඵවන් කාලයක් උදාවෙලා තියෙනවා. දැන් අපට ඔබව සතුටු කරන්න පුඵවන්. කලාකරුවන්ට යමක් කමක් හම්බ කරගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.  පසුගිය කාලේ කොරෝනා වසංගතයෙන් අපිට අපේ ආදායම් අහිමි වුුනා. කොරේ පිටට මරේ කියලා ගෝඨාභය මහත්තයා ඇවිත් රට නැත්තටම නැති කරලා දැම්මා. ආර්ථිකය කඩා වැටුනට පස්සේ අපේ කලාකරු ඔක්කොම අන්ත අසරණ වුණා. සමහර කලාකරුවන්ට ඒදා වේල සොයා ගන්න බැරි තත්වයක් උදාවුනා".

 

WhatsApp Image 2024 08 06 at 18.58.43

 

ගායක ගායිකාවන්ට සංගීත සංදර්ශන නැහැ. ටෙලිනාට්‍ය, චිත්‍රපටි නැහැ. මුඵ කලාවට සම්බන්ධ සෑම දෙනෙක්ම අසරණ වුනා. අපට මේ තත්වය කියන්නත් ලැජ්ජයි. බැරිම තැන සමහර කලාකරුවෝ මාධ්‍ය සාකච්ඡා පවත්වල රජයෙන් සහන ඉල්ලා සිටියා. අපට සහන දෙන්නේ කොහොමද රජයත් හිටියේ කාගේන්වත් සහනයක් නැතුව.

 

දෙයියෝ බලලද කොහේද වාසනාවකට රනිල් වික්‍රමසිංහ මහත්තයා කඩා වැටුනු රට භාර ගත්තා. දැන් බලන්න හැමදාම සංගීත සංදර්ශනය, හැම තැනම උත්සව තියෙනවා. දැන් කලාකාරයෙකුගෙන් වේලාවක් ගන්නත් අමාරුයි. ඒ තරමටම වැඩ. සංගීත සංදර්ශණ පවත්වනවා, චිත්‍රපටි ටෙලිඩ්‍රාමා නිෂ්පාදනය වෙනවා, වෙළද දැන්වීම් හදනවා, අපිටත් හොද කාලයක් ලැබුවා. අපිත් දැන් හරිම සතුටින් ජීවත් වෙන්නේ.

 

කලාකරුවන් සතුටින් සිටියොත් තමයි අපට ඔබව සතුටු කරන්න ලැබෙන්නේ. එහෙම හැමෝටම සතුටින් ඉන්න පුඵවන් කාලයක් දැන් ඇතිවෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ කෑම බීලා ජීවත් වෙන්න නෙමෙයි. ජීවිතය සතුටෙන් ගත කරන්න කලාව වගේම ක්‍රීඩාවත් වැදගත්. අද ක්‍රීඩාවත් ජනතාව යොමු වෙලා තියෙනවා.මේක තමයි අද ඇතිවෙලා තිබෙන වෙනස. ඒක ඇත්තටම මහා ප්‍රාථිහාරයක්. ඒක ඇතිකලේ වෙනින් කවුරුත් නෙමෙයි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයයි".

 

 

එහිදි අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සන්විධානයේ  මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා,

 

ඇත්තටම ආශ්චර්යයක්!

 

WhatsApp Image 2024 08 06 at 18.58.42

 

“අද ගොවියට තමන්ගේ වගාවට හොඳ මිලක් ලැබෙනවා, සහන මිලකට   පෝර ටික ලැබෙනවා, වතුර ටික ලැබෙනවා, නව ආණ්ඩුව පත්වුණාට පස්සේ යල මාහ කන්න හැමදාම සරු වුණා. ජනතාවගේ අතමිට ක්‍රම ක්‍රමයෙන් සරු වී ගෙන එනවා. ඉදිරියට තවත් සරුවේවි. ඒ ගැන සැකයක් තියා ගන්න එපා.

 

දෙයියොත් අපි දිහා බැලුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝග රැසක් මැදින් රට කෙටිකලකින් ගොඩගත්තා. ඇත්තටම ආශ්චර්යක් තමයි මේ කරලා පෙන්නුවේ. අවුරුදු දෙකකින් කඩා වෙච්ච රටක් නැවත ගොඩගන්න කලේසි පසු කාර්යයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ, ඒක අද මුළු ලෝකෙම පිළිගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකු පවා එක පිළිගන්නවා. මේ ගමන අපි ඉදිරියට ගෙන නැත්තන් නැවත වරක් අපට සිද්ධ වෙන්නේ පසුගිය අවුරුදු දෙකට කලින් තිබුන යුගයට නැවත වරක් යන්න. ඒක නිසා මේ අවස්ථාවේදී ඔබ නිවැරදි තීරණ ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා”.

 

මෙම අදහස් දැක්වීම් සිදුවූයේ  අම්පාර අඩලච්චේන ලෝයිඩ් හෝටලයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. එම කොට්ඨාශයේ සංවිධායක ලොයිඩ් විසින් සංවිධානය කර තිබූ ජනහමුව සදහා යුනයිටඩ් යූත් සන්විධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා, කාන්තා අංශයේ නායිකා ප්‍රවීණ රංගණ ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා  සහභාගි වී ඇත.

 

WhatsApp Image 2024 08 06 at 18.58.44WhatsApp Image 2024 08 06 at 18.58.45WhatsApp Image 2024 08 06 at 18.58.46WhatsApp Image 2024 08 06 at 18.58.432WhatsApp Image 2024 08 06 at 18.58.441

නවතම ලිපි