SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක

අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ  (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇත.

 

 

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරන ලදැයි වාර්තා වේ.

 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන එක්ව ඇත.

 

WhatsApp Image 2024 08 06 at 19.07.37

නවතම ලිපි