SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින්

හිටපු අමාත්‍ය රවී කරුණානායක ට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ  පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (06) සඳහන් කර තිබුණි.

 

පුද්ගලික රූපවාහිනී නාලිකා සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශයක් නිසා ඉන් සිදුවූ අගතියට රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කෝකිලා ගුණවර්ධන ට එරෙහිව පැවරූ වන්දි නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙසේ සමාව අයැදීමේ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුව සමථයකට පත් කළාය.

 

2021 සැප්තැම්බර් මස 07 දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකදී  සිදු කළ ප්‍රකාශයකට එරෙහිව 2023 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.

 

විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශ කර සිටියේ රූපවාහිනි සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය. 

 

සමාව අයදීමට  අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් ඇය සඳහන් කළාය.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා දෙපාර්ශවය ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු කරන ලෙස  නියෝග කර තිබුණි.

 

කෝකිලා ගුණවර්ධන මේ වන විට ප්‍රසන්න රණතුංග සමග ගම්පහ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මීළඟ  ජනාධිපති බවට පත්කිරීමේ පුරෝගාමී කාර්යභාරයක නියැලී සිටින්නීය.

 

 

@LankaNewsWeek පුවත ඇසුරිනි.

නවතම ලිපි