SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිබේ.

ඒ, මීට මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී උදා වූ සුභ මොහොතකට අනුව ය.

 

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් එම අපේක්ෂකයාගේ නම මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය.

 namal 2

 

 

එම අවස්ථාවට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ප්‍රත්‍රයාට ආශිර්වාද කර ඇති අතර, පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද මෙහෙයුම් සංවිධායක ලෙස නාමල් රාජපක්ෂට සුභ පැතුම් එක් කළේ ය.

 

 

 

1986 උපත ලද ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ නීතිඥයෙකි.   ඔහු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන අතර දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 

 

නාමල් රාජපක්ෂ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙක් වන අතර  එහිදී ඔහු පාසලේ  රග්බි කණ්ඩායමේ නායකයා විය. පාසලෙන් පසු නීතිය හැදෑරීමට කාඩිෆ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී තුන්වන පන්තියේ නීති උපාධියක් සමඟ උපාධිය ලබා ගත් බව කියැවේ.

 

නාමල් රාජපක්ෂ පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බැඳී නීතීඥවරයෙකු ලෙස ලෙස සුදුසුකම් කටයුත කර ඇති අතර, 2009 ඔක්තෝම්බර් මාසයේදී නීති විද්‍යාලයේ මූලික විභාගයට පෙනී සිට දෙවන පන්තියේ ගෞරව සහිතව සමත් ව ඇත. 

 

 

නවතම ලිපි