SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනිද්දා (08) සමගි ජන බලවේගයේ සන්දානය බිහිවන දා ලංකාවේ දේශපාලනය තුළ සිටින ප්‍රධාන පක්ෂ සහ

පුද්ගලයින් ගණනාවක් සමගි ජන බලවේගය සමග එක්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

පසුගියදා රවුෆ් හකීම් ප්‍රමුඛ  මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස වෙත ලබාදෙන බව පැවසූ අතර, අද දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායකවරයා වෙත ලබාදීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව මනෝ ගනේෂන්, පලනි දිගම්බර්ම්, වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් මේ සමග ඇතුලත්ව ඇත.

 

එසේම අනිද්දා වනවිට පාඨලී චම්පික රණවක ප්‍රමුඛ එක්සත් ජනරජ පෙරමුණ සජිත් ප්‍රේමදාස සමග එක්වීමට තීන්දුවක් ගතහොත් ශක්තිමත්ම සන්දානය සජබෙන් ඇරඹෙන බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි.

 

තවද 08 වෙනිදාට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක්ද සජබ සමග එක්වනු ඇති බව කියැවේ.

 

 

ඥානසාර ධූත කාර්යයක...

කරුණා අම්මාන් සහ  මහින්ද එක්වූවානම්, රනිල් සජිත් ට බැරි ඇයි?

 

 

දේශපාලන රැල්ල විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගය වෙත හමමින් තිබෙන මොහොතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් වරක් ධූත කාර්යයක නියැලී ඇති බව හෙළිවේ.

 

එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එකතුවීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා කරුණා අම්මාන්ට  එකතුවීමට හැකි වුවා නම් රනිල් වික්‍රමසිංහට හා මෛත්‍රීපාල සිරිසේනට එකට එකතුවී වැඩ කිරීමට හැකි වූවා  නම් සජිත් ප්‍රේමදාසට හා රනිල් වික්‍රමසිංහට එසේ සිදුකිරීමට නොහැකි මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කර ඇත.

 

ඥානසාර හිමි පවසා ඇත්තේ රට ස්ථාවර කිරීම සඳහා ප්‍රධාන ප්‍රවාහයන්වල දේශපාලන කඳවුරු එකතැනක සිට වට්ටනලද රට ගොඩ ගැනීමට කටයුතු කළ යුතු බවය.  

 

අද (06) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පැවසූ ඥානසාර හිමියන් ජාතික ජන බලවේගය තරුණ පරම්පරාවේ ආකර්ශනයක් දිනාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බවත්  වැඩිදුරටත් සඳහන් කර ඇත.

  

නවතම ලිපි