SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පාර්ලිමේන්තුව වරප්‍රසාද කමිටුවට තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළේ යයි පවසමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා  ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබූණි.

 

ඒ පැමිණිල්ලට  අනුව හෙට දිනයේදී ‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ව පාර්ලිමේන්තු වරප්‍රසද කමිටුවට කැඳවා ඇත.

 

එමෙන්ම ‍හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ උපදේශක වශයෙන් ක්‍රියා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර ගෙන් ඊයේ දිනයේදී ද තලංගම පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

 

ඒ සුදත් චන්ද්‍රසේකර යන අය ශම්මි සිල්වා  සමග එක්ව රොෂාන් රණසිංහ ගේ නිවස පොඩි කරන බවට හා ඔහුට මරණීය තර්ජන එල්ල කිරීම, තමන්ගේ ගමන් මළුවලට මත්ද්‍රව්‍ය දැමීමට සැලසුම් කිරීම සහ සිය බිරිදගේ සහ දරුවන්ගේ ජීවිත වලට තර්ජනයක් විය හැකි බවට  තලංගම පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ය.

 

රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා විසින් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සුදත් චන්ද්‍රසේකර සහ ශම්මි සිල්වා  සිල්වා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින බවත්, ඔවුන් දෙදෙනා පාතාලය සමග සබඳතා පවත්වන බැවින්, ලංකාවේ හෝ විදේශයකදී තම ජීවිතයට සහ තම පවුලට මරණීය තර්ජනයක් එල්ල කිරීමේ අවධානමක් ඇති බවත්, තම ජීවිතය සහ තම පවුලේ ආරක්ෂාව රජය සහ පොලිසිය විසින් භාරගත යුතු බවත් ය.

 

මිට ප්‍රථම රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමාට විදේශ රටකදී වස දී තම ජීවිතය විනාශ කිරීමට උත්සාහ කල බවත්, ජපානයේ වෙෙද්‍යවරුන් විසින් සිදුකල ශල්‍ය කර්මයේදි සහ පර්යේෂණයක දී එය තහවුරු වූ බවත් ය.

 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍යවරයෙක් වූ ගාමිණි අතුකෝරාල ගේ හදිසි මරණය සම්බන්ධයෙන්ද සුදත් චන්ද්‍රසේකර ට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වුවද එය හෘදාබාධයකින් සිදුවූ මරණයක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.

 

 

නවතම ලිපි