SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්‌ගේ නායකත්වයෙන් යුතු තිරසර ලංකා ජාතික ව්‍යාපාරය මගින්

ඊයේ (04) දිනයේ " තිරසර වෙදැදුරු " හමුවක් රාජගිරිය ගෝතමී පාර සදහම් සෙවන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වා ඇත.

 

ඒ, අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, දේශීය වෙදකමේ නියැලෙන සහ ආයූර්වේද ක්ෂේත්‍රයේ  වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙනි.

 

T 3

 

සාර්ථක හමුවක් බවට පත්වූ මෙම අවස්ථාව දේශීය වෛද්‍ය විද්‍යාව හා ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්.

 

පූජ්‍ය අතුරලියේ රතන හිමි තම සමාජ මාධ්‍ය ගිණුමේ ඒ පිළිබඳව සටහන් කර තිබුණේ මෙසේය.

 

“2024/08/04 දින පැවති " තිරසර වෙදැදුරු " වෛද්‍ය හමුව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකිවීම පිළිබඳව " තිරසර ලංකා ජාතික ව්‍යාපාරය " ලෙස අපට ඇත්තේ අභිමානවත් සතුටකි.

 

දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුලින් ජනතාවටත් , එම වෛද්‍ය වරුන්ටත් වඩා යහපත් සේවාවක් සැලසීම සඳහා වන ආරම්භක පියවරක් මෙසේ සනිටුහන් කිරීමට හැකිවූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ සියළු වෙෙද්‍යවරුන්ගේ  වටිනා කාලයත් ශ්‍රමයත් කැපකරමින් නොමසුරු දායකත්වය දක්වමින් , සුවහසක් ජනතාවගේ යහ පැවැත්මත්, දේශීය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සුභසිද්ධියත් පතා අප හා අත්වැල් බැඳගත් වෛද්‍යවරුන් සියළුදෙනා වෙත අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු”.

 

 T 2T 4T 5T 7T 8T 9T 10

නවතම ලිපි