SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට

එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

 

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර තිබුණේ  සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කිරීමට ය.

 

විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර ඇති අතර බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කෙසේ වුවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඇය නැවත වරක් දේශපාලනය නොකරනු ඇති බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත.

 

මේ අතර බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණි.

නවතම ලිපි