SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුරුණෑගල දී දරුවන්ට පාසැල් උපකරණ බෙදාදීම සිදු කරන ලද උත්සව අවස්ථාවක මාධ්‍ය වෙත අදහස් දැක්වූ

යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර පැවසුවේ ගම්වල, නගරවල ජනතාව පවසන්නේ මොනවා වුනත් ඡන්දේ දෙන්නේ රනිල් මහත්තයාට කියා බවය.

 

WhatsApp Image 2024 08 05 at 21.18.242

 

එහිදි මාධ්‍යවේදින් අසනු ලැබූ ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දුන්  United Youth සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර.

 

ප්‍රශ්ණය: ඔබ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක්. දැන් මේ United Youth සන්විධානය ඒකෙ දිගුවක්ද?

 

නැහැ කොහෙත්ම නැහැ. අර්ජුන කමලනාත් මහතා කිව්ව විදියට මෙය හඩක් නැති ජනතාවට හඩක් නගන, ඔවුන්ට අත්වැලක් වන සංවිධානයක් පමණයි.

 

ප්‍රශ්ණය: ඒත් අපි දැක්කා මෙම සන්විධානයේ උත්සව කීපයකට ඔබ ජනාධිපති තුමාව ගෙනල්ලා තිබුනා. එතකොට කොහොමද දේශපාලනයට සම්බන්ධ නැහැ කියන්නේ.

 

ඒක මම පිලිගන්නවා. ජනාධිපතිතුමා කියන්නේ රටේ නායකයා. එතුමාව ගෙනල්ලා තරුණ තරුණියන්ගේ ප්‍රශ්ණ කෙලින්ම එතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම දේශපාලන නොව ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. ඒක ඔවුන්ට අඵත් අත්දැකීමක් වුනා. පිලිගැනීමේ කථාව හැර කිසිදු දේශපාලන කථාවල් එහිදි සිද්ධ වුනෙත් නැහැ.

 

ප්‍රශ්ණය:ඉදිරි ජනාධිපතිවරණයේදි ඔබ සන්විධානයේ තීරණය කුමක්ද?

 

අප අපගේ සන්විධානයේ කටයුතු වලට හැම ගමකම වාගේ සංචාරය කරනවා. ඒ ගම්වල, නගරවල ජනතාව කියන්නේ මොනවා වුනත් මේපාර ඡන්දේ දෙන්නේ රනිල් මහත්තයට, මොකද වැටුන රට ගොඩ ගත්තේ රනිල් මහත්තයා කියලා. ඉතින් අපිත් ඉන්නේ ජනතාවගේ මතයෙම තමයි.

 

ප්‍රශ්ණය: ඒ කියන්නේ ඔබ මේ කරන්නේ රනිල් ජනාධිපතිවරයාට කඩේ යෑමක්ද?

 

මතයක් ප්‍රකාශ කිරීම සහ හරි දේ හරි කියලා කියන එක කඩේ යැමක් කියලා මම හිතන්නේ නැහැ.

 

ප්‍රශ්ණය: පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලොත් එය රනිල් ජනාධිපතිවරයාගේ ඡන්ද වලට බලපානවා නේද?

 

ඔව් ඔබ හරි. දැන් රනිල් රාජපක්ෂ කියලා කියන්න බැහැනේ. දැන් රනිල් වික්‍රමසිංහ. එය පාවෙන ඡන්ද වලට බලපෑමක් කරනවා. මෙම ඡන්දය අනිත් ඡන්ද වලට වඩා වෙනස්. නිහඩ ස්වභාවයක් දිගටම පවතිවි. පාවෙන ඡන්ද සහ ජනතාවගෙන් වැඩි පිරිසක් අවසානයේ රනිල් මහත්තයාට ඡන්දය දීමට පෙළඹේවි. ඒක තමා මට පෙනෙණ යථාර්ථය.

 

ප්‍රශ්ණය: ඔබ කලින් උපදේශකවරයා වශයෙන් කටයුතු කල හිටපු ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තිබුනා. දැන් මොකද ඒ ගැන හිතන්නේ?

 

ඒක නම් එතුමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණයක්. නමුත් මම කියන්නේ ඒක කවදාවත්ම සිදු නොවන දෙයක්. එතුමත් එක්ක හිටිය අර්ජුන රණතුංග මහත්තයත් දැන් ඉන්නේ ස.ජ.බේ. එයාගේ දූෂණ විරෝධි සන්විධානයේ හිටපු අයත් රොෂාන්ට නොකියාම ස.ජ.බෙ.ට ගිහිල්ලා. රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වෙන්නේ සජිත් ඔඩොක්කුවට ගිහින් නැලවෙන්න තමයි. ඒ හැර වෙන විකල්පයක් නම් මට පේන්නේ නැහැ.

 

WhatsApp Image 2024 08 05 at 21.18.25WhatsApp Image 2024 08 05 at 21.18.26WhatsApp Image 2024 08 05 at 21.18.242WhatsApp Image 2024 08 05 at 21.18.251WhatsApp Image 2024 08 05 at 21.18.261

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

නවතම ලිපි