SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙනි.

 

හමුදාපති ජෙනරාල් වෙකර් උස් - සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය.
 
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ අගාර්තාලා නගරය වෙත ළඟා වූ බවයි.

 

1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹීය.

 

එම උද්ඝෝෂණ පාලනයට රජය බලය පාවිච්චි කළ අතර ඉන් විශාල පිරිසක් මරණයට පත්විය.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ තීරණය වෙනස් කළේය.

 

අනතුරුව එරට තුළ උද්ඝෝෂණ අඩු වුවද පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරකිනි.

එහිදී උද්ඝෝෂකයින් බලකර සිටියේ අගමැතිවරිය ඉවත්විය යුතු බවයි.

පසුගිය දින දෙකේදී 100කට අධික පිරිසක් මියගොස් තිබුණි.

 

ඊයේ බංග්ලාදේශය පුරා නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවූ අතර නමුත් විරෝධතාකරුවන් එය නොසලකා හරිමින් ඩකා අගනුවරට එක්රැස් විය.

පසුව ඔවුන් අගමැතිවරියගේ නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණි.

උද්ඝෝෂකයින් පැමිණීමට පෙර අගමැතිවරිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත්විය.

 

කෙසේ නමුත් උද්ඝෝෂකයින් විසින් අගමැතිවරියගේ නිල නිවසේ තිබූ බඩු භාණ්ඩ රැගෙන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

@adaderana

නවතම ලිපි