SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය 02 දින යුනයිටඩ් යූත් සංවිධානය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ  ඇහැටුවැව කොට්ඨාසයේ 

හුනුගල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයයේ සහ මානක්කුලියාගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට පාසැල් උපකරණ බෙදාදීම සිදු කරන ලදී.

 

මේ සඳහා යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත්, කාන්තා අංශයේ ප්‍රධානි  ප්‍රවීණ රංගන ශිල්පීණි ශෂිකලා හෙට්ටිආරච්චි, යන අය සහභාගී වූ අතර කුරුණෑගල දිස්ත්‍රික් නායක සුපුන් රණසිංහ සහ ගල්ගමුව කොට්ඨාශ සන්විධායක මාලිංග බණ්ඩාර ප්‍රධාන ගල්ගමුව හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රසන්න වන්නිනායක විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

 

උත්සව සභාව පිලිගැනීමේ කථාවට සහ ස්තුති කථාවට පමණක් සීමා වූ අතර පිලි ගැනීමේ කථාව විදුහලේ සිසුවියක විසින්ද, ස්තුති කථාව විදුහල්පතිතුමිය විසින් සිදු කරණ ලදි.

 

WhatsApp Image 2024 08 05 at 14.34.44

 

උත්සව සභාවෙන් අණතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමන්නාත් පවසා සිටියේ, යුනයිටඩ් යූත් සංවිධානය යනු දේශපාලන සංවිධානයක් නොව, හඬක් නැති මිනිස්සුන්ට හඬක් නගන සිවිල් සංවිධානයක් බවයි.

 

“ජනතාවගේ දුක සැප හොඳින් හඳුනා ගත්ත අප ජාති, අගම්, පාට පක්ෂ බේදයෙන් තොරව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමට, ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ ආගමික සහ විනයගරුක අනාගත පරපුරක්  වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට සෑම අවස්ථාවකදීම කැප වී  ක්‍රියා කරන සන්විධානයක්. අප සංවිධානයට අනුබද්ධිත සන්විධාන  විසි හතරක් තියෙනවා. ඒ තුළ නීතිඥවරුන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේධින්, ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වෙද මහත්වරුන් සහ තරුණ කොටස් ආදී මේ රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන විශාල සංවිධාන ජාලයකින් යුතු සංවිධානයක් තමයි යුනයිටඩ් යූත් සංවිධානය.

 

අද අපි මෙම පාසලට පැමිණිය දේශපාලන කටයුත්තක් සඳහා නොවෙයි. මෙම උත්සවයේදී අපි කිසිවෙක් එක වචනයක්වත් කතා කරේ නෑ. පොත්පත් පාසල් උපකරණ බෙදා දුන්නේ දෙමව්පියන්ගේ ඉල්ලීමටයි. අපි දැක්කා මෙම ප්‍රදේශයේ ජනතාව විශාල ආර්ථික පීඩනයකින් දුක් විඳින ජනතාවක් බව. අඩුපාඩු රැසක් අපිට දැක්කා මෙම විද්‍යාලයේදී, අඩුගානේ කැසිකිලි වැසිකිරි පසුකම්වත් නැති පාසලක් මේක. අපි උත්සාහ කරනවා ඉදිරියේදී ම ළමුන් වෙනුවෙන් අපගේ ධන පරිත්‍යාගයෙන් හැකි ඉක්මනින් මෙම විද්‍යාලයට එම සිසු දරුවන්ට වැසිකිලි කැසිකිලි පහසුකම් ලබල දෙන්න.

 

සමහර දේශපාලන නායකයින් මෙන් කොම්පියුටරයක්, බස් එකක් දීලා ළමයිව දේශපාලනයට පාවිච්චි කරන්න අප කැමති නැහැ. ඒක පිලිකුල් සහගත ක්‍රියාවක්. අපි පොත් ටිකක් දීලා මේ ළමයින්ට දේශපාලනය කතා කතා කරලා දේශපාලන වාසි ගන්න සංවිධානයක් නෙමෙයි. ආගම සහ පාසල  දේශපාලනයට පාවිච්චි කරන්නට විරුද්ධ සංවිධානයක් අපි. අප කරන්නේ සමාජ සේවයක් සහ සමාජ සත්කාරයක්.

 

හඬක් නැති ඔබ වෙනුවෙන් සැමදා හඬක් නගන්නට, පිහිටක් නැති ඔබ වෙනුවෙන් කෙසේ හෝ පිහිටක් වන්නට යුනයිටඩ් යූත් සංවිධානය සදාකල් අපි කැපෙනවා කියලා මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ සියඵ දෙනාගෙන් ලැබෙන සහය අප ඉතා අගය කරනවා”.

 

WhatsApp Image 2024 08 05 at 14.34.40WhatsApp Image 2024 08 05 at 14.34.41WhatsApp Image 2024 08 05 at 14.34.42WhatsApp Image 2024 08 05 at 14.34.43WhatsApp Image 2024 08 05 at 14.34.421

 

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

 

නවතම ලිපි