SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බහුල ලෙස මෙවර මැතිවරණයේදී

'කුලය' සාධකයක්ව ඇතැයි දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී ඇත.

 

විශේෂයෙන්ම මෙවර තරඟයට පැමිණ සිටින ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමාන කුල සාධකයක් තුළ සිටින නිසා  ඉන් වෙනස් කුලයන් මත සිටින්නන්  එම ප්‍රතිලාභය ලබාගැනීමට කටයුතු කරන බවත් නිරීක්ෂකයින්ගේ අදහස ය.

 

මෙම මතය ප්‍රභලව පැන නැංගේ පසුගියදා විජේදාස රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කිරීමත් සමග ය.

 

ලංකාවේ ප්‍රධාන කුලයක් ලෙස පවතින්නේ ගොවිගම කුලය වුවද වහුම්පුර කුලයට ලංකාවේ ජනගහනයෙන් 9.6%ක් ඇතුලත්  බව කියැවේ. ඒ හා සමගාමී නවන්දණ්න සහ බත්ගම කුලයන් වහුම්පුර සමග එකට සිට ගන්නෝ යැයි ද අදහසක් පවතී.

 

ඒ අනුව වහුම්පුර කුලයෙන් මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලක්ෂ දහයක ඡන්ද ලැබෙනු නියතය.

මේ අතර වහුම්පුර කුලයට අයත් පන්සල් 2000ක් පමණ ලංකාවේ පවතී.

 

මේවා ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන සාධකයන් බවට අප්‍රසිද්ධ තලයේ දිගින් දිගටම පැවතුනද එය බොහෝවිට මහා මැතිවරණයන්හිදී යොදා ගැනුනු තත්වයන් පමණක් විය.

 

රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිවරයාගෙන් පසුව ජනාධිපතිවරණයකට කුල සාධකය වැඩි වැදගත් ස්ථානයක් හිමිකරගත් මැතිවරණය ලෙස මෙවර ජනාධිපති සටන දැක්විය හැකි බවයි විශ්ලේෂක මතය වී ඇත්තේ.

නවතම ලිපි