ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන්
තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බවත් එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර ගේ පාර්ශවය ලෙස මේ වනවිට ශ්රීලනිපය කොටස් තුනකට බෙදී ක්‍රියාත්මක ය.
එහිදී නිමල් පිළ රනිල් ටත්, මෛත්‍රී පිල විජේදාස ටත්, දයාසිරි පිල සජිත් ටත් තම සහාය පළකිරීමට තීරණය කර ඇත.