SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක, නීතීඥ  දිලිත් ජයවීර සර්වජන බලය එකමුතුවේ

ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ දීය.

 

විශාල ජනකායක් සහභාගී වූ මෙම සමුළුවේදී සර්වජන බලය විධායක සභාව විසින් නීතීඥ දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයට පත් කළේය.

 

 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අඟුලුගහ පදිංචි කාර්යශූර රාජ්‍ය සේවකයෙකු වූ ගුණපාල ජයවීර සහ පාසල් ගුරුවරියක් වූ ධර්මා ජයවීර යන දෙමව්පියන්ට දාව ඉපදුණු දිලිත් ජයවීර  දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය.

 

තම පියා ඇසුරෙන් සමානාත්මතාව, යුක්තිය සහ සාධාරණත්වය සැමට හිමි විය යුතු බවට ඉගෙනගන්නා දිලිත් පියාගේ සමාජවාදී විශ්වාසයන් පිළිබඳව හැඟීමකින් කටයුතු කරන්නෙකි.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන්  නීති  උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ දිලිත් ජයවීර  ඉන්පසු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය සම්පූර්ණ කර ඇත.

 

කෙසේ වුවද අවසානයේ සම්පූර්ණයෙන්ම වෙනස් මගකට අවතීර්ණ වූ දිලිත්  මිනිසුන්ගේ ජීවිත සුබවාදී ලෙස වෙනස් කිරීමේ අවස්ථාවන් සෙවීමේ මහත් උවමනාවකින් යුතුව තමා මෙන්ම උනන්දුවක් පැවති සගයන් දෙදෙනෙකු හා එක්ව කුඩා ප්‍රාග්ධනයක් ද අසීමිත අධිෂ්ඨානයක් ද සහිතව  ව්‍යවසා‍යකත්වයේ පළමු පියවර පෙරට තැබූ බව සඳහන්. එසේ ඇරඹුණු එම වෙනස් තීරණය  අද වන විට දැවැන්ත ආයතන ජාලයකට පරිවර්තනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ සාර්ථකම සමූහ ව්‍යාපාර ජාලයක් ස්ථාපිත වී ඇත.

 

කෙසේ වුවද බොහෝ මහන්සිවී අනෙක් සියලු ලාංකිකයන් මෙන්ම බොහෝ වෙහෙසී කටයුතු කර‍ළ ද  මේ සියල්ලටම රජය විසින් ගනු ලබන තීරණ බලපාන බව තේරුම් ගත් දිලිත් ජයවීර  තම  ප්‍රශ්න විසඳීම වෙනුවෙන් බලයට පත් වූ දේශපාලන නියෝජිතයන් ගැන විශ්වාසය නැති බවත් වෙනසක් සිදු විය යුත්තේ සංස්ථාපිතයෙන් පිටතින් බවත් විශ්වාස කරමින් දේශපාලනයට පිවිසීමට අදහස් කර තිබුණි.

ඒ  අනුව 'මව්බිම ජනතා පක්ෂය (MJP)' නිර්මාණය කරමින්  ශ්‍රී ලංකාවට නායකත්වය දීමට අවශ්‍ය මෙවලම් තරුණ සහ ඊළඟ පරපුරේ දේශපාලන නායකයින්ට ලබා දීමෙන් තිරසර දේශපාලන වෙනසක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගනිමින් කටයුතු කරන බව දිලිත් ජයවීර‌ නැමැති දේශපානඥයාගේ අදහස වී ඇත.

 

ඔහු පවසන්නේ “තිරසර වෙනසක් ඇති කිරීමටත්, ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් ගොඩනැගීමටත් ඔබ සැම අප හා එක්වනු ඇතැයි” කියාය.

 

 

 

නවතම ලිපි