SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තාවක් ලෙස උපත ලැබූවත් ජාන පිහිටීමේ ස්වභාවය හේතුවෙන් ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් යැයි කියැවෙන

ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (03) සමත් විය.

 

මෙරට වේලාවෙන් අද (03) රාත්‍රියේ පැවති කාන්තා කි.ග්‍රෑ. 66 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩාකළ කලීෆ්, ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ හංගේරියාවේ ලූකා හමෝරිව විනිසුරු ඒකමතික තින්දුවකින් (ලකුණු 5-0) පහසුවෙන් පරාජය කළාය.

 

ඒ අනුව ඇය අවසන් පූර්ව වටයේදී තායිලන්තයේ ජන්ජයම්  සුවන්නෆෙං සමගින් තරග වැඳීමට නියමිතව ඇත.

 

ජාන පිහිටීමේ ස්වභාවය සහ රුධිරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉමානේ කලීෆ්, කාන්තාවක් වුවත් ඇයව හඳුන්වා ඇත්තේ ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙකු ලෙසිනි.

 

ඒ හේතුවෙන් ඇය කාන්තා අංශය යටතේ තරග කිරීමට එරෙහිව ලොව පුරා විරෝධතා ඇතිවුණු අතර, තවත් පිරිසක් ඇය වෙනුවෙන් පෙනී සිටියේය.

කෙසේ නමුත් ඇය තරග කිරීම මෙවර ඔලිම්පික් උළෙලේදී වැඩි කථා බහකට ලක්ව තිබෙන සිද්ධියකි.

 

මෙම තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී ඇය ඉතාලි ක්‍රීඩිකාවට එරෙහිව තරග කළ අතර, එම තරගය තත්පර 46ක් වැනි කෙටි කාලයකින් පැවැත්වෙමින් තිබියදී ඉතාලි ක්‍රීඩිකාව තරගයෙන් ඉවත් වූවාය.

තරගයෙන් පසු ඉතාලි ක්‍රීඩිකාව පැවසුවේ, තමන් කවදාවත් එවැනි පහරකෑමකට ලක් නොවූ බවයි.

 

කලීෆ් යනු ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් තරගාවලි කිහිපයකින් ඉවත් කළ ක්‍රීඩිකාවක්ද වෙයි.

නවතම ලිපි