SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ පවත්නා දේශපාලන තත්වය සහ

මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ කෙසේද යන්න ගැන තක්සේරුවක නියැලී ඇතැයි ජනරජ ආරංචිමාර්ග පවසයි.

 

ඒ අනුව හුදු ජනප්‍රිය තීන්දු තීරණවලට යට නොවී රටේ අවශ්‍යතාවනට ප්‍රායෝගිකව මුහුණ දිය හැකි දේශපාලන වපසරියක් නිර්මාණය කරගැනීමේ දේශපාලන තීන්දුවකට යෑමට පාඨලී සූදානම්ව ඇති බවත් ඉදිරි දින දෙක තුනක කාලය ඇතුලත ඒ සම්බන්ධව ප්‍රකාශයට පත්කරනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන විසින් මේ දිනවල විවිධ දේශපාලන මතධාරීන් සමග විශාල වශයෙන් සාකච්ඡා කරගෙන යමින් ඇති බවත් පසුගිය කාලය තුළ ජනරජ පක්ෂය විසින් රට පුරා සකස් කරන ලද පක්ෂ ජාලය උපයෝගී කරගනිමින් එළැඹෙන තීරණයකට අනුව ක්‍රියාත්මක වීම සඳහා ජන සමූහයක් සම්බන්ධ කරගැනීමට ඔවුන් සතු යාන්ත්‍රණය බලවත් බවත් ආරංචිමාර්ග වාර්තා කරයි.

 

කෙසේ වුවද ජනරජ පෙරමුණේ මෙම  දේශපාලන තීන්දුව සමග එකඟ නොවන කිහිප දෙනෙක් පසුගියදා  පක්ෂයෙන්  ඉවත්ව ගොස් ඇති  අතර එහි ප්‍රධානියෙකු පැවසුවේ  දැනට පක්ෂයේ සියළු දෙනා තම පක්ෂ නායක සමග ‌දේශපාලන තීන්දුවට එකඟව ඇති බවය.  

 

නවතම ලිපි