SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ

කිසිදු වෙනසක් කර නොමැති බව එම පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ කියයි.

 

එසේම එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ඔහු පවසයි.

 

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (2) පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.

 

එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී  වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් මිලින්ද කියයි.

 

එසේම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ නොමැති බව කී මිලින්ද රාජපක්ෂ මහ ලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි බවත් කීවේය.

 

ඒයට විධායක කමිටුව රැස් විය යුතු බවත් ඔහු කියයි.

 

කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම ට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 

නවතම ලිපි