SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

* ඉන්දියාව, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන්ගේ සැලසුම් සහගත සංචාර කල් දමා ඇත

* ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩු වෙනස් වුවද ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ආචාර්ය ජයශංකර් අවධාරණය කරයි

 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සැලසුම් සහගත ශ්‍රී ලංකා සංචාරය සිදු නොවන බව වාර්තා වේ.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් 2024 ජුනි 20 වැනි දින සිය නව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයට පත්වූ සැනින් ලංකාවට පැමිණෙමින් නිල සංචාරය ආරම්භ කළේ  ඉන්දීය අගමැතිවරයාගේ ලංකා සංචාරය පිළිබඳ මූලික කටයුතු සාකච්ඡාවටත් සමග යැයි වාර්තා විය.

 

එසේම, ඉන්දීය නායකයාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවස්ථාවේදීත් එවැනි සංචාරයක් පිළිබඳව කතාබහට ලක්ව තිබුණි.

 

කෙසේ වෙතත්, පසුගිය සතියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, මෙම සංචාරයන්  කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

 

සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහි අවධානය යොමු කරමින්  ශ්‍රී ලංකා රජය ද  විදේශ නායකයින් සමඟ කටයුතු කිරීම සීමා කර ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වුවද මෑත වසරවලදී, ලංකාව ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතාවන්හි  නව ප්‍රවේශයන් දැකගත හැකි වූ අතර,  රටවල් දෙකම ඉඩම්, විදුලි බලය සහ රටවල් දෙක සම්බන්ධ කරන බලශක්ති නල මාර්ගය වැනි සම්බන්ධතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල පිරීම් සිදු කෙරිණි.

 

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩු වෙනසක් සිදු වුවද මෙවැනි ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ආචාර්ය ජයශංකර්ගේ පසුගිය සංචාරයේදී ඔහු අවධාරණය කළේය.

 

සැලසුම් කර ඇති සංචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා ඇත්තේ මේ මොහොතේ විදේශ නායකයෙකුගේ කිසිදු සංචාරයක් සඳහා මැදිහත්වීමට රජයට හැකියාවක් නොමැති බවයි.

 

ඒ අනුව මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල නායකයන්ගේ සැලසුම් සහගත සංචාරය ද මැතිවරණ හේතුවෙන් කල් දමා ඇතැයි පැවසේ.

නවතම ලිපි