milinda

milinda

 
 

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන්

අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස නියම කරමින් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්නට, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට  ශ්‍රේෂ්ඨාධිකරණය  නොතීසි නිකුත් කර ඇත.

 

ශානි අබේසේකර ගේ ජීවිතය අනතුරේ බව කියමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් එලෙස නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ ගෙන්  සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

 

රහස් පොලිසියේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති බවත් මේ තත්වය යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් පවසමින් කරුණු ඉදිරිපත් කර ඇත.

 

තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකර ට නියම කළේය.

 

@lankadeepa

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි