SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු පක්ෂයේ  මහ ලේකම් ධුරය සඳහා සාගර කාරියවසම් කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ කියල කංචන විජේසේකර කියනවා.

කංචනලගේ සාගරලගෙ මේ ප්‍රශ්නය දැන් ටික කාලෙක ඉඳලම තිබුණ එකක්ලු.

 

පහුගිය දවසක ජනපති අපේක්ෂකයා සම්බන්ධව තීරණයක් ගන්න තිබුණු රැස්වීමෙන් පසුසෙ ඒක පුපුරලා ගිහින්ලු.

කංචනලා මුල ඉඳලම රනිල් වික්‍රමසිංහව මීළඟ අපේක්ෂකයා කරන්න බලාගෙන ඉඳල තියෙනවා.

 

එයා ඒක එහෙම කරන්නෙම පහුගිය වතාවෙ මහ මැතිවරණයෙදි රාජපක්ෂ පවුලෙ අය නිපුණව උඩට උස්සලා කංචනට කෙනෙහිලිකම් කලා කියල එයා තුළ නිධන්ගතව තියෙන විරසකයක් හින්ඳලු.

 

කොහොම උනත් මාතර තිබිච්ච රැස්වීමකදි කංචන විසින්  පොහොට්ටු මහලේකම් තනතුරට අමාත්‍ය රමේෂ් පතිරණ ව පත් කළ යුතු බවට ඔහු යෝජනා කළාලු, ඒ  යෝජනාව මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බලමණ්ඩලය සම්මත කරන ගෙනලු.

 

පොහොට්ටු පක්ෂයේ තීරණය දැනුම් දෙන්න තිබිච්ච රැස්වීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපේක්ෂකයා කරගත යුතුය කියල ‌යෝජනා කරන්න කට්ටිය සූදානමින්ලු ඇවිත් තිබුණෙ.

 

ඒ සැළසුමේ එක අරමුණක් වෙලා තියෙන්නෙ මහලේකම් තනතුරින් සාගර කාරියවසම්ව පන්නලා දැමීමත්ලු.

ඒකට කිසිම ගෝරියක් නැතිව බොහොම සාමකාමීව වැඩේ පත්තු කරගැනීම ලු  සැළසුමේ තිබුණෙ.

ඒත් හිතපු විදිහට වැඩේ සිද්ධ වෙලා නැතිලු.

 

ඒකට රමේෂ් පතිරණ මහින්දානන්දටයි ප්‍රසන්නටයි බැනලා.

“දේශපාලන මණ්ඩල රැස්වීමට යන්න කලින් කට්ටිය එකඟ වෙලා ගියේ ගෝරි දාගන්නේ නැහැ කියලා. මොකද එහෙම වුනොත් තමන්ට අවාසි වෙනවා”

 කියලා රමේෂ් කියලා තියෙනවා.

 

හැම වෙලාවකම වලි දාගන්න ලෙහාන්ට එදා එන්නත් එපා කියලා තියෙන්නේ ඒකයි ලු.

ඒත් රැස්වීම අතරතුරේ  මහින්දානන්ද නැගිටලා සභාවේ අයට සද්දෙ දාලා. ඒකට ප්‍රසන්නත් එකතු උනාලු. පිටිපස්සේ අය හූ කිව්වා කියලා බොරු චෝදනාවකුත්  කරලයි සද්දෙ දාල තියෙන්නෙත්.

“අර මෝඩයෝ දෙන්නා නැත්තං අපි දිනනවා මල්ලි”

 කියලා රමේෂ් කාංචනට කිව්වලු.

 

“උන් දෙන්නා තමයි වැඩේ කෑවේ. පිටිපස්සේ හිටිය සෙට් එකට අපිත් එක්ක මල පැන්නේ ඒකෙන්. උන් අපිට විරුද්ධව ඡන්දෙ දුන්නේ ඒ හින්දා”

 කියලා රමේෂ් කියනකොට කාංචන මුකුත් නොකියා අහගෙන ඉඳලා.

 

“ප්‍රසන්නයා කතා කරන්න දන්නේ නැහැ. ඌට ඇඟේ තරමට මොළේ නැහැ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට කෝල් කරලා කුණුහර්ප කියලා බනිනවා. උන් ඒවා රෙකෝඩ් කරලා බැසිල්ට යවනවා. මිනිස්සු කැමති නැහැ එහෙම බනිනවට. මුන් දෙන්නත් එක්ක මේක කරන්න බැහැ”

කියලා රමේෂ් කියලා.

 

ඔන්න එතකොට කාංචන කියලා එයා දේශපාලනයෙන් අයින් වෙනවා කියලා.

 

ඔයා අපිව අමාරුවේ දාලා අයින් වෙනවා කියනවා”

“මොනව උනත් තාමත් මහින්ද මහත්තයට තමයි පොහොට්ටුවේ බිම් මට්ටමේ මිනිස්සු ඉන්නෙ.

මැතිවරණයක් ආවම අපිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙනව.

රනිල් මහත්තය ජනාධිපති වෙන්නෙත් නෑ, අපිට අන්තිමට පක්ෂෙත් නැතිව ගෙදර යන්න තමයි වෙන්නෙ”

කියලා රමේෂ් නැගිටලා යන්න ගිහිල්ලා.

 

මීඩියාවලින් සහ ‌පොහොට්ටුවෙන් එළියට බැහැපු කට්ටිය එදා ඇත්තටම සිද්ධ වෙච්ච දේ හංගනවලු.

එදා රැස්වීමට යන්න කලින් කට්ටිය සෑහෙන්න රෙඩිවෙලා තියෙනවා කියලයි අපිට නම් ආරංචි උනේ.

 

ඒත් හිතපු විදිහට වැඩේ නවා ගන්න බැරි උනා කියලත්, මේ ඡන්දෙන් පස්සෙ මහ මැතිවරණය ආවහම අනාථ වෙනව කියලත් ඔන්න රැල්ල නැවෙන්න යනවලු හරහට.

 

#Gossip

නවතම ලිපි