SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණු අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම එළැඹෙන 07 වැනිදා

සිදු කෙරෙන බව පොහොට්ටු පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකරයි.

 

කෙසේ වුවද එකී අපේක්ෂකත්වය පිළිබඳ විවිධ මත පළව තිබූ අතර එක් පිරිසක් ව්‍යාපාරික  ධම්මික පෙරේරාගේ නම පවසා තිබූ අතර තවත් පිරිසක් ඒ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යැයි පවසා ඇත.

 

එහෙත් අපට  ලැබෙන විශ්වාසවන්ත ආරංචිමාර්ග වලින් කියැවෙන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බවය.

 

මේ වනවිට පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් 91කට වැඩි පිරිසක් මේ වනවිට එම පක්ෂයෙන් ගලවා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබී ඇත.

 

එසේ වුවද මධ්‍යස්ත දේශපාලන විචාරකයින් පවසන්නේ දැනට පාර්ලිමේන්තුවේ සිටින අතිබහුතරයක් මැති ඇමතිවරුන්ට ජනතා පදනමක් නැති බවත් ඔවුන්ගෙන් බහුතරයක් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්නොවනු ඇති බවත් ය.

 

ඒ නිසා මැති ඇමති සංඛ්‍යාවන් අනුව මෙවර ඡන්දය ගණනය කළ නොහැකි බවත් සැබෑ ප්‍රතිඵලය බිම් මට්ටමේ ජනතාවගේ සිතැඟි අනුව සිදුවිය හැකි බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

 

මේ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාද ඊයේ (31) රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් කියා සිටියේද එවැනි ම වූ අදහසකි.

 

නවතම ලිපි