SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙට (02) පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේදී ක්‍රීඩකයන්ට මානසිකව සහයෝගය

උපරිමයෙන් ලබාදෙන ලෙස වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය  ඉල්ලා සිටියි.

 

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර හෙට ආරම්භ වන තරග 03කින් යුත් එක්දින තරගාවලිය පිළිබඳ අද (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව අනාවරණය කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සනත් ජයසූරිය පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් 06 දෙනෙකු ආබාධවලට ලක්වී සිටින බවය.

 

 “බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ළහිරු කුමාර, නුවන් තුෂාර මේ හය දෙනාම ආබාධයට ලක්වෙලා ඉන්නේ. අපි 19 දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළේ උණක් තියෙනවා. මහීෂ් තීක්ෂණට උණ හැදිලා හිටියේ, වනිඳු හසරංගට මුල උණ හැදිලා හිටියා. බිනුර ප්‍රනාන්දුව අන්තිමට රෝහල්ගත කරන්නත් වුණා.

අවාසනාවන්ත දේවල් කිහිපයක් වුණා. ඒත් ඒවා අපේ නිදහසට කරුණු නෙමෙයි. මටත් හරි ලේසයි තාවකාලික පුහුණුකරු, මේ තරගාවලි දෙක විතරයි කියලා කියන්න.

මම එහෙම නෙමෙයි බලන්නේ. මමත් කවදාවත් පරාජය භාරගන්න කැමති කෙනෙක් නෙමෙයි. මමත් මේ තත්ත්යේ ඉදලා තියෙනවා මගේ අවුරුදු විස්සේ. අභියෝග භාරගන්න පුළුවන් වෙන්න ඕන හැමෝම. තාවකාලිකව තිබෙන දුකට තමයි මේ හැම දෙයක්ම කියන්නේ."

 

තරග 03කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

නවතම ලිපි