ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබිය හැකි සහය හෙවත්
ජනතා අභිප්‍රාය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති (IHP) ආයතනය මගින් සිදු කෙරුණු නවතම සමීක්‍ෂණයේදී සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස 43%ක ජනතා සහයක් ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටින බව එම ආයතනය නිවේදනය කළේය.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ට 30% ක ජනතා සහයක් ලැබී ඇතැයි ද එම සමීක්‍ෂණයෙන් හෙළිවූ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.
රනිලුත් පෙරට
මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලැබෙන ජනතා සහය 20% දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට ලැබී ඇත්තේ 7% ක ජනතා සහයක් පමණක් බව ද එම ආයතනය වැඩි දුරටත් කියා සිටියි.
@LankaNewsWeek