SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීම සම්බන්ධයෙන්

ශ්‍රීලනිපයේ නීත්‍යානුකූල මහලේකම් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

 

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 'X' හි  ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ,

 

“බලහත්කාරයෙන් ශ්‍රීලනිපය රඳවාගෙන සිටින නිමල් සිරිපාල ඇමතිවරයා, ජනාධිපති වික්‍රමසිංහට පක්‍ෂයේ සහයෝගය” ප්‍රකාශ කර ඇත. ඕනෑම තීරණයක් ගත යුතු මධ්‍යම කාරක සභාවේදී බැවින් අධිකරණය විසින් පිළිගත් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමි.”

 

"මෙම පුද්ගලයින්ට ශ්‍රීලනිපයේ ස්ථාවරය නියෝජනය කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර, එම නිසා පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා ලෙස, පක්ෂය රජය සමඟ සන්ධානගත කිරීමට ගන්නා මෙම ප්‍රයත්නයන් මම හෙළා දකිනවා,"

යැයි ඔහු වැඩිදුරටත් දන්වා ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ  නිවේදනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කළ බවයි.

එය ශ්‍රිලනිපය නොව ශ්‍රිලනිපයේ නිමල් සිරිපාල පිළ වශයෙන් නිවැරදි විය යූතු බව පක්ෂ හිතවතුන්ගේ අදහස වී ඇත.

නවතම ලිපි