SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් විසින්

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ‘විස්තීරණ අරමුදල් පහසුකම’ (EFF) ගිවිසුමට තම පක්ෂය විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන පිළිබඳව ඊයේ(31) රාත්‍රී හමුවකදී ශ්‍රී ලංකාවේ IMF නිලධාරීන්ව  දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

 

ඔවුන් IMF ශ්‍රී ලංකා වැඩසටහන් ප්‍රධානී පීටර් බෲවර් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, අනාගත සමගි ජන බලවේගයේ  රජයක් විසින් EFF ගිවිසුමට ගෙන ඒමට අදහස් කරන සංශෝධන පිළිබඳව ඔවුනට  පැහැදිලි කළ බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසා ඇත.

 

"අපි අපේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කළා, ජනතාවට මේවා ගැන ඉක්මනින් දැනගන්න පුළුවන් වේවි,"

“අපි EFF ගිවිසුමට විරුද්ධ වෙන්නෙ නෑ, නමුත් අප කිරීමට අදහස් කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවට ඉක්මන් සහන ලබා දීම සහතික කිරීමයි”.

 

EFF ගිවිසුම්වලට යම් යම් සංශෝධන සිදු කිරීම අත්‍යවශ්‍ය බව සමගි ජන බලවේගය දැනටමත් පැහැදිලි කර ඇති අතර එය තම රජය යටතේ ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණයහිමි රටවල් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුම සංශෝධනය කළ නොහැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන අතරතුරදී  මෙම හමුව සිදුව ඇත.

නවතම ලිපි