SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- 92 සෙට් එකේ වංචා, දූෂණ, චෝදනා, නඩුහබ ලිස්ට් එක මෙන්න....

- කලින් වගේ 225ක් මන්ත්‍රීලාගෙන් ජනපති වෙන්න බෑ... මිලියන 17ක් මිනිස්සු කැමති වෙන්න ඕන....

 

පොහොට්ටු මන්ත්‍රීවරු 92ක් ජනපතිට සහාය  දීම මගුල් ගෙයක් තරම් වර්ණනා කළ යුත්තක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය. ඒ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස සජබ නායක  වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට අද (ජුලි 31 බදාදා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීයි.

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් ජනාධිපති තෝරා ගැනුණේ කලින් අවස්ථාවේ පමණක් බවත් මෙවර ජනාධිපති ධුරය ලබා ගැනීමට නම් ඡන්ද දායකයන් මිලියන 17කගෙන් බහුතරය අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව සජබය විසින් ගෙන ආ විශ්වාසභංගයේදී මැනැවින් ඔප්පු වී ඇත. එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරු 92 අත් ඔසවා පෙනී සිටියේ, කෙහෙළිය ඇමතිවරයා බාල ඖෂධ ගෙනැවිත් මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීම ගැන සිතා නොවේ. එබැවින් එම මන්ත්‍රීවරුන් 92ගේ කැමැත්ත මත කිසිවිටෙකත් ජනතාවගේ කැමැත්ත සංඛේතාත්මක නොවන බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම එරෙහිව නඩු පවතින බවයි. මෙරට දේශපාලනයේ කුප්‍රකට සිදුවීම් ලෙස සැළකෙන කැරම් බෝඩ් නඩු, පොහොර නඩු, කප්පම් නඩු පිළිබඳවද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  විසින් නැවත සිහිපත් කෙරිණි.

 

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්

නවතම ලිපි