SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වනවා නම් එසේ වන්නේ පුද්ගලයින් කේන්ද්‍ර කරගෙන නොව

ප්‍රතිපත්තිමය කාරණා මත බව නාමල් රාජපක්ෂ කියයි.

 

“නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ පක්ෂය. පුද්ගලයෝ නෙවෙයි, අපි නියෝජනය කරන්නෙ කඳවුරක්. අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කිරීමේ වගකීමක් අපට තියෙනවා. ඒ නිසා යම්කිසි දේශපාලන කඳවුරක් අපි නියෝජනය කරනවා නම් ඒ කඳවුර ශක්තිමත්ද, දුර්වලද කියන කාරණය නෙවෙයි ඒ මතවාදය අපි රකින්න ඕනෙ. ශක්තිමත්ද දුර්වලද කියලා හිතලා තීන්දු ගන්නවා නම් ඇයි අපි පක්ෂයක් හදන්නෙ? අපි පක්ෂයක් විදියට සන්ධානගත වෙනවා. හැබැයි ඒ සන්ධානගත වෙන්නෙ ප්‍රතිපත්තිමය කාරණා මත. යම්කිසි හෙයකින් පුද්ගලයෝ කේන්ද්‍රගත කරගෙන සන්ධානගත වෙනවා නම් ඒ සන්ධානය සාර්ථක වෙන්නෙ නෑ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එකඟතාවයක් මත සහයෝගය දුන්නා. හැබැයි යම්කිසි හෙයකින් යම්කිසි කෙනෙක් හිතනවා නම් අපි මේ දේශපාලන පක්ෂවල එක එක්කෙනා බාගෙන අපේ කඳවුරට බඳවාගැනීම තුළ ඡන්ද දිනන්න පුළුවන් කියලා ඡන්ද දායකයා එතන නෑ”

 

ප්‍රශ්නය – කවුද ප්‍රතිවාදියා ?

 

“මං හිතනවා මේ වෙලාවේ අපට පක්ෂයක් විදියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කඳවුර තමයි අපේ ප්‍රධානතම ප්‍රතිවාදියා. එහෙම නැතිව අපෙන් වෙන්වෙලා ගිය අය නෙවෙයි”

නවතම ලිපි