SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති

රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී ඇත.

 

ඒ බව හෙළිව ඇත්තේ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකදී බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

මේ අතර අද අනුරාධපුරයේ පොහොට්ටු පක්ෂයේ සාමාජික හමුවකදී අනුරාධපුරයේ සහාය ජනපති වික්‍රමසිංහට දීමට අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ප්‍රමුඛ පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

 

මේ පිළිබඳව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන්නේ ඉහළින් ඔළු ගෙඩි මාරුවූවාට පහළින් ජනතාව මාරු වන්නේ නැති බවයි.

 

ඔහු කියන්නේ මේ සිදුවන්නේ ඉතිහාසය නැවත පුනරුච්ඡාරණය වීම බවයි.

2015 දී සිදුවූයේද මෙවැන්නක් බව සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව පැවසූයේ මීට ටික වේලාවකට පෙර රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

 

මේ අතර පොහොට්ටු පක්ෂය මත දෙකක පිහිටුවීම ඉහළ නායකයින්ගේ අනුදැනුම මත සිදුවන්නක් බවත්, ජනාධිපති වික්‍රමසිංහ සමග එක්වීමට විරුද්ධ පාක්ෂිකයින්ට ඇති රාජපක්ෂවරුන්ට තිබෙන විරෝධයට පිළිතුරක් ලෙස මෙය දැනුවත්ව සිදුවන්නක් බවට මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී ඇත.

නවතම ලිපි