SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස

ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

 

පොලිස්පති ධුරයේ  ගැටළුව කඩිනමින් විසඳන ලෙසටද  එමගින්  වැඩිදුරටත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

 

මැතිවරණ කොමිෂන් සභාව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  ඊයේ(29) පෙරවරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

 

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී   සාකච්ඡා කළ බව කොමිෂන්  සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක  පැවසීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.

නවතම ලිපි