SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ

අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

 

අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

 

පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලය සාමාජිකයින් 82 කින් සමන්විතය. ඉන් අද දින සහභාගී වූ සාමාජිකයින්ගෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු බවට පිළිගත් සංඛ්‍යාව 08ක් ව ඇති අතර ධම්මික පෙරේරා අපේක්ෂකත්වයට සුදුසු යැයි ඡන්ද 63ක් ලැබී තිබුණි.

 

රැස්වීම අතරතුර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින් බස් වීම අවසානයේ ශාරීරික ගුටි බැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සුනු බවද පොහොට්ටු අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

 

 

ඒ අනුව පක්ෂයේ වැඩි බහුතරයේ එකඟතාවට අනුව තීරණය වූ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේය.

නවතම ලිපි