SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ පාසල්වලට තොරතුරු තාක්ෂණ උපකරණ සහ රෝහල්වලට වෛද්‍ය උපකරණ බෙදාදීමේ

සක්වල සහ හුස්ම වැඩසටහන් නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු යොදා ඇත.

 

කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් දින දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදු කර ඇත.

 

සමගි ජන බලවේගය අදාළ වැඩසටහන් නතර කිරීමෙන් පසුව  අනෙකුත් රජයේ වැඩසටහන් ද අත්හිටුවීමට අපක්ෂපාතීව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් සජබ  මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලා ඇත.

 

මහ ලේකම් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රජය මේ වන විට ගෙන යන වැඩසටහන් පිළිබඳව ද  අවධානය යොමු කරන ලෙස කොමිසමෙන් ඉල්ලා තිබේ.

නවතම ලිපි