SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාගේ අනුදැනුමකින් තොරව තම ආසනයට පිවිස පොදුජන පෙරමුණේ

සංවිධායකවරුන්ගේ හමුවක් පැවැත්වූ බවට චෝදනා කරමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද හවස තම ඉදිරි දේශපාලන තීරණය දැනුම් දෙන බව පවසා ඇත.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය මත තමන් ගන්නා දේශපාලන තීරණය කුමක්ද යන්න අද පස්වරු 5.30ට හෝමාගම දී ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා ඇත.

 

තමනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

 

ලිපිය

 

මේ අතර තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින බැවින් තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.

 

මේ මොහොත වනවිට පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබඳව සාකච්ඡාවක නියැලෙන අතර, ලැබෙන ආරංචිමාර්ග වලට අනුව පක්ෂයේ ප්‍රධාන මෙහෙයුමේ  කිහිප දෙනෙක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේක්ෂකත්වය දීමට එරෙහිව නැඟී සිට ඇතැයි කියැවේ.

නවතම ලිපි