SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයාට මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සභාපති සී.පී. අතළුවගේ දවස් කිහිපයකට කලින් දන්වලා තිබුණා.

ඒ ලිපියේ ඔහු  කියා තිබුණේ තම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ බලපෑම් මත තව දුරටත් තමන්ට සේවය කළ නොහැකි බවක් ය.  

 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාව ඉන්නේ  ඉංජිනේරු රංජිත් රූබසිංහ ලුය. කොහොම උනත් අපේ ගංපළාත්වල තවමත් කියනවා එක අත්තෙ වහන්නෙ එක වගේ කුරුල්ලො කියලත්.

 

කව්ද මේ රූබසිංහ?

ඔබට මතකද? සතොස කුප්‍රකට සුදුළූණු වංචාව ගැන. අන්න ඒ කාලයේ ඒ අදාළ අමාත්‍යාංශය තිබුණෙත්  මේ අමාත්‍යවරයා හා ලේකම්වරයා යටතේ  සතොස ආයතනය තියෙන කාලෙලු.

 

අපිට කනිං කොනිං වාර්තා වන විදිහට  ඉල්ලා අස්වූ සභාපතිවරයාට මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත කිලෝමීටර් 100,000යේ ව්‍යාපෘතිය යටතේ ‘මඟනැඟුම’ ආයතනය විසින් ඔවුන්ගේ උපකොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කිරීමට යොදා ගනු ලැබ ඇති 2K Engineering ආයතනය වෙත විධිමත් බිල්පත් සහතික කිරීමකින් තොරව හා කොන්ත්‍රාත් ගිවිසුම්වල වලංගුභාවය නොසලකාහරිමින්, මිලියන 160ක ගෙවීමක් සිදු කරන ලෙස බල කර සිටීමත්  එක් හේතුවක් ලු.

 

‘මඟනැඟුම’ ආයතනය සමඟ ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති 2K Engineering ආයතනය වෙත කොන්ත්‍රාත් ගිවිසුම්වල වලංගුභාවය නොසලකාහරිමින් සහ බිල්පත්වල සත්‍යතාව නොසලකාහරිමින්, කාපට් (asphalt carpet) ඇතිරීම සඳහා රුපියල් මිලියන 225ක ගෙවීමක් සිදු කරන්න කියල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත බල කර සිටීම තවත් හේතුවක් ලු..

 

මධ්‍යම අධිවේගී මාර්ග අදියර - 2ට අදාළව සාමාන්‍ය පාංශු තත්ත්වයන්ගෙන් යුත් කැණීම් කටයුත්තක් සඳහා ගෙවීමට ඇති බිල්පත් වෙනුවට එය දෘඪ පාංශු තත්ත්වයක් යටතේ සිදු කරන ලද කැණීම් කටයුත්තක් සේ සලකා කැණීම් ඒකකයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වැඩි කර මිලියන 800ක පමණ බිල්පතක් Consulting Engineers & Contractors Pvt. Ltd (CEC) වෙත ගෙවා දමන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බල කරලාලු.

 

ඒ මධ්‍යම අධිවේගී මාර්ග අදියර - 2 ව්‍යාපෘතියට ම අදාළව Consulting Engineers & Contractors Pvt. Ltd (CEC)ආයතනයට අදාළ නොවන බිල්පත්, ප්‍රමාද වීමේ පොළී ගාස්තු සම්බන්ධයෙන් වන බිල්පතක් ආයතනය වෙත ගෙවා දමන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බල කර ල තියෙනව කියලත් කනිං කොනිං වාර්තා වෙනවාය.

 

මධ්‍යම අධිවේගී මාර්ග අදියර - 2 සහ රුවන්පුර අධිවේගී මාර්ගයට අදාළව කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද හිමිකම් සඳහා විධිමත් අගැයීමකින් තොරව සහ වලංගුභාවය පිළිබඳව සලකා බැලීමකින් තොරව මුදල් ප්‍රමාණ ගෙවා දමන ලෙස ඉල්ලා අස්වූ සභාපතිවරයා යටතේ වූ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බල කරලත් තියෙනවාලු.

 

ඉතිං ඉලව්වේ මේ කුණ්ඩවාලෙ කරේ තියන් මිනිහෙක් හිටීවිද ඇමතිතුමෝ?

ඒ විතරක්ද?

 

ආයතනයට අදාළව අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරු (ADG) දෙකක් වෙනුවෙන් විධිමත් විදිහට  සම්මුඛ පරීක්‍ෂණය තියලා  සුදුසුකම් ලබපු  නිලධාරීන් දෙදෙනකුට එම තනතුරු නොදී  ලේකම්වරයාගේ දේශපාලනික අවශ්‍යතා ඉටු කරවා ගැනීමට ඔහුට අවශ්‍ය නිලධාරීයෙකු පත් කරන ලෙස සභාපතිවරයා වෙත යෝජනාත්  කරලලු. කොහොම උනත් ඒ පුරප්පාඩු තනතුරු වලට ඉන්ටවීව් කරල තේරුණු  නිලධාරීන් ට ඒ  තනතුරු තවමත් දීල නැතිලු.

 

ඒ මදිවාට මහාමාර්ග පනත මඟින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැවරී ඇති පත්වීම් ලබා දීමේ බලය මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්තනෝමතිකව පවරා ගෙන ලු. ඊට එකඟ නොවීම මත මාර්ග සංවර්ධන අධිකාරිය තුළ සිදු කළ යුතු සියලු ම පත්වීම්, උසස් වීම් ලේකම්වරයාගේ උවමනාවට අනුව  නැවත දැනුම් දෙන තුරු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නවතා දමාත් තියෙනවාලු.  

 

මේ ඔක්කොම වෙලා තියෙද්දි මගුල් ගෙදර මනමාලයයි, මනාළියයි, මනාළයගේ අම්ම තාත්තයි, අෂ්ඨක කියන්නයි ඔක්කොම එකෙක් උනහම කොහොමට හිටීවිද ආයිබෝං?

 

ඔිනින ඔය කියන රූබසිංහ උන්නැහේම  RDA සභාපතිවරයා වුනු  සී.පී. අතළුවගේ ගෙ  ඉල්ලා අස්වීමත් එක්ක ඒ තනතුරටත්  තාවකාලිකව තමන්වම පත්කරගෙන කඩිමුඩියේ අනුමත කිරිලි ටික කරගන්නව කියලයි මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් වාර්තා වෙන්නෙ.

 

මේවයෙ ඇත්ත නැත්ත හොයල බලවන්න අපේ ලොකු සෑර්ට නම් වෙලාවක් ඇත්තෙම නෑනෙ. අනික් විපක්සවල ඇත්තන්ටත් එකදාස් අසූහාර දාහට ගානට වැඩ නොවැ. අපිට කොරන්නත් පුළුවන් මේන්න මේ වගේ කනිං කොනිං ඇහෙන දේවල් හෙළිදරව් කොරල කව්රු හරි වගකිවයුත්තෙක් මැදිහත් වේද බලන් ඉන්න එක නොවැ.

එහෙම නැතිව ඔය හොරු අල්ලන, රට පෙරළන, දියවන්නාවට ඉහළින් ආණ්ඩුකරණයක් ගැන කියන, වම්මුන්ටත් මේ කාලේ වෙලාවක් නෑ අප්පා...

මේවා ඇත්ත නොවෙයිනම් ඔය බන්දුල ඇමතිතුමාටම මංගල්ලෙ භාරකාරයා වෙලා හොයා බලන්නත් බැරියෑ.

මේ ඉස්සරහට මහ ඡන්දෙකුත් එන අල්ලපනල්ලේ ඔිනම නම් ප්‍රෙස් එකකුත් කරන්න බැරියෑ..

 

ගිහින් එන්නම්.

 

#Gossip

නවතම ලිපි