SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බවත් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

 

ඔහු මේ බව පවසා සිටියේ කඩුවෙල, වදුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.

මෙම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණු කැලණිවැලි සම්බන්ධීකාරක බෝසෙත් කළහේපතිරණ ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කොට තිබිණ.

 

එහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලබාදුන් පිළිතුරු:

 

 

ප්‍රශ්නය: ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද?

පිළිතුර: අපි තාම ඒ ගැන තීරණය කරලා නෑ..සාකච්ඡා කරගෙන යනවා. ඉදිරි දින කිහිපයේ තීරණයක් ගන්නවා.

 

ප්‍රශ්නය: ජනාධිපති අපේක්ෂකයෝ විශාලා පිරිසක් ඉදිරිපත්වෙනවා කියලා තියෙනවා..මේක බලපෑමක් වෙයිද ඡන්දයට?

පිළිතුර: වැඩිපුර අපේක්ෂකයෝ ප්‍රමාණයක් එන එක හොදයි. ඡන්ද කොලේ දිග්ගැහිලා ඡන්දය සංකීරණ නොවෙයි කියලා අපි හිතනවා. කොහොමත් ඉදිරිපෙළේ අපේක්ෂකයන් තුන් හතර දෙනෙක් අතර තමයි තරඟය තියෙන්නේ.

 

ප්‍රශ්නය: ඔබතුමන්ලාගෙන් සහයෝගය ඉල්ලුවද කවුරු හරි?

පිළිතුර: අපි පසුගිය පෙබරවාරි 14 වෙනිදා වැඩපිළිවෙලක් ඉදිරිපත් කලා. ඒ වැඩපිළිවල එක්ක අපි බොහෝ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කලා. දැන් ඒ ප්‍රතිපත්ති කාරණා වලට අමතරව ඉදිරියේදී රජයන් පිහිටුවා ගන්නේ කොහොමද? මැතිවරණ කටයුතු කරන්නේ කොහොමද කියන සාකච්ඡා කෙරීගන යනවා. ඉදිරි දින කිහිපයේදී අපි අවසාන තීරණය ගන්නවා.

 

ප්‍රශ්නය: ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා නොවුණොත් කාටද සහයෝගය දෙන්නේ?

පිළිතුර: සුදුසු අපේක්ෂකයෙකුට සහයෝගය දෙනවා.

 

ප්‍රශ්නය: ඒ සඳහා ජනාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් ඉන්නවද?

පිළිතුර: ජනාධිපතිවරයා රාජපක්ෂලාගේ ආශීර්වාදයෙන් මැතිවරණයට පැමිණියොත් අපේ සහයෝගය දෙන්නේ නෑ.

 

ප්‍රශ්නය: පොලිස්පතිවරයාගේ ගැටලුවත් එක්ක මැතිවරණය කල් යාමට ඉඩ තියෙනවද?

පිළිතුර: කිසිසේත්ම මැතිවරණය කලයමට ඉඩක් නෑ. මැතිවරණ කොමිසමත් කියලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. පොලිස්පති පත්කිරීමේ වගකීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. ඔහු ඒක කළ යුතුයි. එක එක ව්‍යවස්ථා ප්‍රශ්න ගෙන එන්නේ නැතුව. ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා එම ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් එහි පත්කිරීම් මූලික අයිතිවාසිකම් නඩු වලට නිමිති කරගන්න හැකියාව තියෙනවා කියලත් එහි සඳහන්.

 

ප්‍රශ්නය: ජනාධිපතිවරයා කියනවනේ තමන් දැන් අපේක්ෂකයෙක් නිසා පත්කිරීම් කරන්න බෑ කියලා?

පිළිතුර: තාම අපේක්ෂකයෙක් වෙලා නෑනේ..15 වෙනිදා තමයි නාමයෝජනා දෙන්නේ. එහෙනන් ඉතිං ජනාධිපති ධූරයෙන් අස්වෙන්ඩ ඕන. අපේක්ෂකයෙක් වුණත් නොවුණත් ජනාධිපති ධූරය දරන තාක් එහි වගකීම් ඉෂ්ඨ කරන්න ඕන. ඒක ව්‍යවස්ථාවේ තියෙන වගකීම් පැහැර හැරීමක්.

 

ප්‍රශ්නය: ජනාධිපතිවරයා ස්වාධීන කෙනෙක් ලෙස ඇප තැම්පත් කිරීම කපටිකමක් කියල සමහරු කියනවා?

පිළිතුර: ජනාධිපතිවරයා මුල සිටම කීවා ඔහු එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කැමති කෙනෙකුට සහය දෙන්න පුළුවන් කියලා.

 

ප්‍රශ්නය: ඒක ඔබතුමාලට උත්තේජනයක්ද?

පිළිතුර: අපට උත්තේජනයක් එන්න නම් එතුමාගේ ප්‍රතිපත්ති දිහයි එතුමා කරතියන් යන්නේ කවුද කියලයි බලන්න වෙනවා.

 

ප්‍රශ්නය: පොහොට්ටුවේ සහයෝගයක් ලැබෙනවානම් ඔබතුමාගේ සහයෝගයක් නැද්ද?

පිළිතුර: පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රටේ ශ්‍රේෂ්ඨාධිකරනයෙන්ව් වරදකරුවෝ කරලා තියෙනවා රට බංකොලොත් වීමට. එක පවුද්ගලික තරහක් නෙවෙයි. තව ඛනිජ තෙල් අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව කරවපු බොහෝ දෙනෙක් මේ ආර්ථික අපරාධයට වගකිව යුතුයි.

 

@ලෙෂාන් විදානගමාච්චි

නවතම ලිපි